THE RIGHT CAREER නිවැරදි වෘත්තිය
Activity 01
Writing
පහත දැක්වෙන ප්‍රශ්ණාවලිය අධ්‍යයනය කරන්න.
ඔබ පිලිබඳව විස්තර ලබාදෙමින් ප්‍රශ්නවලට සටහන් පොතෙහි පිළිතුරු ලියන්න එසේම ඔබ තෝරා ගැනීමට කැමති කුමන වර්ගයේ රැකියාවක් ද යන්න තීරණය කරන්න.
Study the following questionnaire. Write answers to the questions giving
details about yourself in your notebook and decide on the type of career that
you would like to choose.
Career guidance questionnaire : වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රශ්න මාලාව.
ඔබ රැකියාව කරනු දකිනුයේ හත දැක්වෙන ඒවායෙන් කුමන ක්ෂේත්රයේ ද.
1.Which of these areas do you see yourself working in?
- Agriculture - කෘෂිකර්මාන්තය
- Industry කාර්මික අංශය
- Entertainment රසාස්වාදනය
- Business ව්‍යාපාර
- Arts and Crafts කලා සහ ශිල්ප
- Science and Technology විද්‍යා සහ තාක්ෂණ වේදය
- Education අධ්‍යාපන
- Environment පරිසර
- Health ෞඛ්‍යය සෞඛ්‍යය
- Politics දේශපාලන
- Law නීතිය
- Media මාධ්‍ය
- Defence ආරක්ෂක
- Travel and Transport ප්‍රවාහන හා ගමනාගමන
- Other වෙනත්
2 Which of these statements describe you? පහත ප්‍රකාශන අතරෙන් ඔබව විස්තර කෙරෙනුයේ මොනවායින්ද
- I don’t mind hard physical work අසීරු ශාරීරික වැඩ ගණන් ගන්නේ නෑ
- I enjoy working with my hands මම මගේ අතින් කරන්න තියෙන වැඩ රසවිඳිනවා
- I enjoy solving problems ප්‍රශ්න විසඳීම මම රස විඳිනවා
- I am a good listener මම හොඳ සවන් දෙන්නෙක්
- I am good at figures මම ගණිතයට දක්ෂයි
- I have a good artistic sense මට හොඳ සෞන්දර්යාත්මක හැඟීමක් තියෙනවා
- I am a good communicator මම දක්ෂ සන්නිවේදකයෙක්
- I like challenges අභියෝග වලට කැමතියි
- I like meeting new people මම අලූත් අලූත් මිනිස්සු මුණගැහෙන්න කැමතියි
3.Name your favourite subject/s at school.
ඔබ පාසලේදී ආසමකරන විෂය විෂයන් නම් කරන්න
4.Do you have any particular interests? If yes, what are they? ඔබට විශේෂ කැමැත්තක් තියෙනව ද එසේ නම් ඒ මොනවාද
5.What do you expect from a job? ඔබ රැකියාවකින් අපේක්ෂා කරන්නේ කුමක්ද
- Providing my service to the country රටට මගේ සේවය සැපයීම
- Job satisfaction වෘත්තීමය සන්තෘප්තිය
- Opportunity for promotion උසස්වීම් සඳහා අවස්ථාව
- Freedom to make my own decisions මට මගෙම තීරණ ගන්න පවතින නිදහස
- Meeting new people අළුත් අළුත් මිනිසුන් මුණගැසීම
- A good salary හොඳ වැටුපක්
- Opportunity to travel සංචාරය කරන්න අවස්ථාවක් ලැබීම
- Other වෙනත්
6.Which of these statements are true about you? පහත ප්රකාශයන්ගෙන් ඔබ සම්බන්ධව සත්‍ය වන්නේ කුමක්ද.
- I get on well with other people මම අනිත් මිනිස්සුත් එක්ක හොදින් ගත කරනවා
- I don’t mind taking orders නියෝග බාරගැනීම මම ගනන් ගන්නේ නැහැ
- I need to be my own boss මට මගේම ප්‍රධානියා වෙන්නට අවශ්‍යයි
- I get bored if I do the same thing for too long දීර්ඝ කාලයක් තිස්සේ එකම දේ කරන්න වුනොත් මම කලකිරෙනවා
- I can cope when things get tough දේවල් අමාරු වෙනකොට මට පුළුවන් සහයෝගයෙන් වැඩ කරන්න
- I am punctual මම වෙලාවට වැඩ කරනවා.
Activity 03
Reading
Here are some jobs titles and descriptions of those jobs given by people
engaged in them. Read the descriptions and match the job title. පහතින් දැක්වෙන්නේ රැකියාවල නම් සහ ඒවායේ යෙදී සිටින මිනිසුන් විසින් ලබාදෙන ලද විස්තරයි.
එම විස්තර කියවා ඒවාට අදාළ හැකියාවෙ නම සමඟ ගළපන්න.
Accountant - ගණකාධිකාරි
Driver රියදුරා
Customer Care Executive පාරිභෝගික සේවා විධායක නිලධාරියෙක්
Beautician / Hair Dressers රූපලාවන්‍ය ශිල්පී/ කොණ්ඩා සැකසුම් ශිල්පී
Journalist මාධ්‍ය වේදියා
Tour Guide - සංචාරක මග පෙන්වන්නා
I need to be my own boss. I will get bored if I have to sit long hours doing the same thing. I like travelling and enjoy being with different types of people.
මට මගෙම ප්‍රධානියා වෙන්න ඕනේ, එකම දේ කරමින් ගොඩක් පැය ගාණක් වාඩිවෙලා ඉන්න ගියොත් මට එපා වෙනවා. මම ආසයි සංචාරය කරන්න සහ වෙනස් වෙනස් මිනිස්සුත් එක්ක ගත කරන්න.
I am self-motivated and I care about people. I am capable of communicating with my
customers.
මම ස්වයං උත්තේජිතයි. ඒ වගේම මම මිනිස්සු ගැන සැලකිලිමත් වෙනවා මට මගේ පාරිභෝගිකයන් එක්ක සන්නිවේදනය කරන්න හැකියාව තියෙනවා.
I am good at figures and working long hours in an office does not bore me. I like to solve problems.
මම සංඛ්‍යා දත්ත වලට දක්ෂයි ඒ වගේම බොහෝ පැය ගණනක් කන්තෝරුවල වැඩ කරන එක මට නීරස නැහැ ම කැමැතියි ප්‍රශ්න විසඳන්න.
I think I am a good communicator. I don’t
mind sitting for long hours and writing.
මම හිතන්නේ මම හොඳ සන්නිවේදකයෙක් ඒ වගේ මම ගනන් ගන්නේ නැහැ ගණනාවක් වාඩිවෙලා ඉන්න එකයි ලියන එකයි.
I don’t mind hard physical work and
enjoy being on the go. I know I have a big
responsibility as many lives are in my hands.
ශාරීරිකව කරන්න අමාරු වැඩ මම ගණන් ගන්නේ නැහැ ඒ වගේම යමින් ගමන් ඉන්න එකම රස විඳිනවා බොහෝ ජීවිත මගේ අත් දෙක මත රැඳිලා තියෙන නිසා මම දන්නවා මට ලොකු වගකීමක් තියෙනවා කියලා.
I use my hands with artistic sense. I use my
skill and talent to make people look better.
මං මගේ අත් පාවිච්චි කරන්නේ කලාත්මක ආකල්පයෙන් මං මගේ නිපුණතාවය සහ දක්ෂතාවය පාවිච්චි කරන්නේ මිනිස්සුන්ගේ පෙනුම වැඩි දියුණු කරන්න.
Activity 05
Speaking
You see the following advertisement in a Sunday newspaper. You are interested
in applying for one of the posts advertised. Work with your partner and pretend
to be the receptionist and the applicant. Call the receptionist to make inquiries
regarding the job and make an appointment for a walk-in-interview.
ඉරිදා පත්තරේක තියෙන පහත දැක්වෙන වෙළඳ දැන්වීම ඔබ දකිනවා. ඔබ ඒ පළකොට ඇති එක් තනතුරකට අයදුම් කරන්නට කැමති වෙනවා. ඔබගේ යහලුවා සමග එක්ව පිළිගැනීමේ නිලධාරිනිය සහ අයදුම්කරුවා වශයෙන් සිතින් සිතා ගන්න. අනතුරුව පිළිගැනීමේ නිලධාරිනියට අමතා සම්මුඛ පරීක්ෂණය සඳහා යායුතු වේලාවක් මෙන්ම රැකියාව පිළිබඳව විස්තරයක් ද විමසන්න.
..Activity 09.
පහතින් දැක්වෙන දෙබස රාධා සහ සරෝජ් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට යාමෙන් අනතුරුව සිදුකරන ලද්දකි. එය ඔබගේ මිතුරා සමග කර දක්වන්න.
සුභ උදෑසනක් වේවා රාධා ඔයා අද හරිම තෘප්තියෙන් වගෙයි.
සුභ උදෑසනක්. ඔව් ඇත්තටම එහෙමයි. මට ඊයෙ කදිම අත්දැකීමක් ලැබුණා. මම පලවෙනි වතාවට රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට ගියා.
ඒකත් එහෙමද?. හසිතත් ගියා ගිය සතියෙ එකකට. ඒ අදාල පුරප්පාඩුව ගැන එයාගේ මාමා විසින් ඔහුට කියලා තිබුණේ.
මට කියන්න කොහොමද ඒක.?
මගේ තාත්තා ගිය සතියේ පත්තරේ දැකලා තිබුණා ආධුනික පරිගණක මෙහෙයවන්නන් සඳහා වන අයදුම්පත් කැඳවීම ඔහු මගේ අම්මත් එක්ක කතා කරල තිබුණට පස්සේ ඔහු මට කිව්වා අයදුම් කරන්න කියලා.
ඒගොල්ලෝ ඉල්ලලා තිබුණ ද මොනවා හරි විශේෂිත සුදුසුකම්.?
සත්තකින්ම ඔවුන් ආරාධනා කරලා තිබුණා මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන් පරිගණක සම්බන්ධ මූලික නිපුණතාවය තියෙන දක්ෂ තරුණ මිනිසුන්ට අයදුම් කරන්න කියලා.
ඒගොල්ලෝ කිසිම අත්දැකීමක් ඉල්ලලා තිබුණේ නැහැ. නමුත් සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි භාෂාවට බී සාමාර්ථයක් ඔවුන් විශේෂ කරල තිබුණා.
ඉතින් සම්මුඛ පරීක්ෂණයේදී මොකද උනේ?. ඔයාව තේරුණාද?.
මම තවම දන්නේ නැහැ. මම එහෙ යනකොට සම්මුඛ පරීක්ෂණය ඒ වෙනකොටත් ආරම්භ වෙලයි තිබුණේ. මම තමයි අන්තිමට ඇතුලට ගියේ. හොඳයි, මම හිතනවා සියලුම ප්‍රශ්න වලට මම හොඳින් උත්තර දුන්නා කියලා බලාපොරොත්තු වෙනවා එදා දවස මට යහපත රැගෙන එයි කියලා.
ඔයාට සුබ පතනවා රාධා. මම හිතනවා ඔයාට රස්සාව ලැබෙයි කියලා.
ස්තූතියි සරෝජ්.
Activity 10
පහත දැක්වෙන වාක්‍ය කර්මකාරක ක්‍රමයෙන් ලියන්න.
1. අවසාන රැස්වීමේදී සෑම සාමාජිකයෙක්ම ඒකමතිකව ඉනුර ව නව සභාපතිවරයා වශයෙන් තෝරා පත් කරගෙන තිබුණා.
2. මම ක්‍රීඩාපිටියේ එපිටින් ඉන්න අතරේ කවුරුහරි මගේ පෑන අරගෙන තිබුණා.
3 යන්ත්‍රය ක්‍රියා කරවීමට පෙර විදුලි සැපයුම මිස්ටර් පෙරේරා පරික්ෂා කරලා තිබුණා
4 ගෙදර යන්න කලින් නිසලි පන්ති කාමරය සකසලා තිබුණා.
5 ලියුම තැපැල් කරන්නට කලින් විදුහල්පතිතුමා නැවතත් ලියුම කියවලා තිබුණා.
Activity 11
පහත දැක්වෙන කර්මකාරක වාක්‍ය නැත යන අර්ථයෙන් සහ ප්‍රශ්න ස්වරූපයෙන් සකසන්න.
උදාහරණ -
ඔවුන් කිසිම අත්දැකීමක් ඉල්ලලා තිබුණේ නැහැ
ඔවුන් මොනවා හරි විශේෂිත සුදුසුකම් ඉල්ලලා තිබුණ ද ?
පයිප්ප බාස් ආපනශාලාවේ තියෙන කැඩුණු කරාමය පිළිසකර කරලා තිබුණේ නැහැ.
නීතිඥවරයා උසාවියට බාර දෙන්නට පෙර ලිපි ගොනුව අත්සන් කරලා තිබුණා.
නියමිත දිනයට පෙර ඔහු දුරකථන බිල ගෙවලා තිබුණෙ නැද්ද ?.
ඉංග්‍රීසි දිනය සඳහා තමරා ආරාධනා පත්‍ර යවලා තිබුණද ?
ඇය නින්දට යන්නට පෙර කුමාරන් වැඩ සම්පූර්ණ කරලා තිබුණද. ?
No comments:
Post a Comment