Showing posts with label Simple. Show all posts
Showing posts with label Simple. Show all posts

Simple Past Tense Full Lesson (සරල අතීත කාලය සම්පූර්ණ පැහැදිලිව)

 Dear students,

Today I am going to teach you the simple present tense.
✅Simple Past Tense එන පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අතීතයේ කුමන හෝ අවස්ථාවක සිද්ධ කරලා ඉවර වෙච්ච ක්‍රියා සහිත වාක්‍ය හදා ගන්නයි.

මේ උදාහරණ බලන්නකෝ, 🎓මම ගෙදර ගියා. 🎓අපි බත් කෑවා. 🎓ඇය ලියුමක් ලිව්වා, වගේ වාක්‍ය.
මේකෙදි ඔයා වාක්‍ය තුළ පද ටික පෙළ ගස්ව ගන්න ඕන වෙන්නේ මේ විදියට
🍏මුළින්ම කර්තෘ(Subject) පදය 🍏දෙවනුවට ක්‍රියා පදය (Verb) අතීත කාල ස්වරූපයෙන් 🍏අන්තිමට තමයි කර්ම පදය (Object) තියන්නේ
Subject + Verb Past + Object
වැදගත් දේවල් ටිකක් මේ ටෙන්ස් එකේ දි මතක තබා ගත යුතුයි, ඒ තමයි.
  • ක්‍රියා පදයට s, es, ies, ing වගේ කෑලි අමුතුවෙන් එකතු කරන්න නම් එපා Simple Present Tense එකේ දි කළා වගේ.
  • කර්තෘ ඒකවචන(Singular Subject) වුණත් බහු වචන (Plural Subject) පදයක් වුණත් ක්‍රියාව මොනම වෙනසක් වත් නොකර අතීත කාල (Past Tense) ස්වරූපයෙන් තමයි තැබිය යුත්තේ.
තවත් පැහැදිලිව කිව්වොත් ක්‍රියා පද යොදා ගන්න ඕන මෙන්න මේ ස්වරූපයෙන්.
🎓Went -වෙන්ට් -ගියා 🎓Ate -ඒට් -කෑවා 🎓Wrote -රෝට් -ලිව්වා
දැන් අපි බලමු උදාහරණ වාක්‍ය 10 ක් ලියලා.
🍎මම ගෙදර ගියා. ✅I went home. 🍎අපි බත් කෑවා. ✅We ate rice. 🍎ඇය ලියුමක් ලිව්වා. ✅She wrote a letter. 🍎අම්මා බත් ඉව්වා. ✅Mother cooked rice. 🍎මම පත්තරය කියෙව්වා. (read- රෙඩ්- කියෙව්වා) ✅I read the newspaper. 🍎කසුන් මට ගැහුවා. (hit- ගැහුවා කියද්දිත් මේකම තමයි දාන්නේ) ✅Kasun hit me. 🍎නිමල් කෞෂල්‍ය ට අපහාස කළා. ✅Nimal insulted Kaushalya. 🍎ගුරුතුමිය ඉංග්‍රීසි ඉගැන්නුවා. ✅The teacher taught English. 🍎ශිෂ්‍යයෝ ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ✅Students learnt English. 🍎ඔහු ඇයට ආදරේ කළා. ✅He loved her.

දැන් බලමු අමතරව තව තව පද යොදාගෙන මේ වාක්‍ය ටිකක් සංකීර්ණව ලියන හැටි.
🎓මම එදා ඔහුට උදව් කළා. ✅I helped him that day. 🎓ඔහු ඊයේ මට පොතක් දුන්නා. ✅He gave me a book yesterday. 🎓පොලීසිය ගුණපාලව අත්අඩංගුවට ගත්තා. ✅The police arrested Gunapala. 🎓ඥානවතී මිදුල අතු ගෑවා. ✅Gnanawathi swept the compound. 🎓සිසුන් හොදින් ඉංග්‍රීසි ඉගෙනගත්තා. ✅Students learnt English well. 🎓අපේ තාත්තා ගිය අවුරුද්දේ අලුත් කාරෙකක් මිලදී ගත්තා. ✅Our father bought a new car last year. 🎓සමන් සහ සමන්ති අවුරුදු හතකට කලින් කසාද බැන්දා. ✅Saman and Samanthi got married seven years ago. 🎓අපේ අම්මා ඊයෙ හවස මට කේක් කෑල්ලක් දුන්නා. ✅Our mother gave me a piece of cake. 🎓මගේ පෙම්වතිය ගිය අවුරුද්දෙ මාව දාල ගියා. ✅My girlfriend left me last year. 🎓නාලකගේ අක්කා ඇයගේ දෙමව්පියන්ට දොස් කිව්වා. ✅Nalaka’s elder sister scolded her parents. 🎓මම සමහර වෙලාවට දවල් කෑමට පයින්ම ගෙදර ගියා. ✅I sometimes walked home at lunchtime. 🎓මම නිතර මගේ දවල් ආහාරය පාසලට රැගෙන ගියා. ✅I often brought my lunch to school. 🎓ඊයේ මම ජිනීවා වලට පැමිණියා. ✅Yesterday, I arrived in Geneva. 🎓ඇය හතට ඇයගේ වැඩ ඉවර කළා. ✅She finished her work at seven o'clock. 🎓බොහෝ කාලෙකට පෙර මිනිස්සු ගල්ගුහා වල ජීවත් වුණා. ✅People lived in caves a long time ago.
Simple past tense එක භාවිතා කරලා ප්‍රශ්න (Questions) සහ ‘නැත’ යන අර්ථයේ වාක්‍ය Negatives හදන්නේ කොහොමද කියලා අපි බලමු.
මෙහිදී ඔයා තදින්ම මතක තියා ගත යුතු කාරණා තමයි
✔ප්‍රශ්න ඇසීමේ දී වාක්‍ය මුළට Did නැමැති පදය යොදා ගත යුතුයි ✔වාක්‍ය තුළ Did යෙදී ඇති සෑම විටකම අතීත කාලයෙන් පැවති ක්‍රියා පදය නැවත මුල් ස්වරූපයට පත්වෙනවා.
ඔන්න බලන්නකෝ, 🍎ඔයා ගියා 🍏You went. 🍎ඔයා ගියා ද? 🍏Did you go?
  • මේ වාක්‍යයේ ප්‍රශ්නය හදද්දී ‘Did’ මුළට අරගෙන තියෙනවානේ, අන්න ඒ වගේ තමයි ‘Affirmative Questions’ හදන්නේ. එතකොට ‘Went’ විදියට තිබ්බ ක්‍රියාව ‘Go’ ලෙසින් මුල් ස්වරූපයට පත් වෙනවා.
මේ කියපු කාරණා දෙක තමයි තදින්ම මතක තියා ගන්න ඕන.
🍎ඇය ඇඩුවා. 🍏She cried. 🍎ඇය ඇඩුවද? 🍏Did she cry?
🍎ඔහු ඇයට ආදරය කළා. 🍏He loved her. 🍎ඔහු ඇයට ආදරය කළා ද? 🍏Did he love her?
🍎නිමල් වොලිබෝල් සෙල්ලම් කළා 🍏Nimal played Volleyball. 🍎නිමල් වොලිබෝල් සෙල්ලම් කළා ද? 🍏Did Nimal play Volleyball?
🍎ඇය තේ බිව්වා. 🍏She drank tea. 🍎ඇය තේ බිව්වද?
🍏Did she drink tea?
🍎අම්මා ඔයාට උදව් කළා. 🍏Mother helped you. 🍎අම්මා ඔයාට උදව් කළා ද? 🍏Did mother help you?
මේ විදියට සාමාන්‍ය ප්‍රශ්ණයක් අහද්දී ඔයා මේ ටෙන්ස් එකේ වෙන ප්‍රධාන වෙනස ඔයා තේරුම් ගත යුතුයි.
ඒ තමයි Did යෙදුණාම Verb එක නැවතත් මුල් තත්ත්වයට පත් වීම.
හරි, එහෙනම් ‘Negative’ හෙවත් නැත යන අර්ථයෙන් වාක්‍ය ටිකක් බලමු. 🍎ඇය ආවෙ නැහැ. 🍏She did not come. 🍎ඔහු ඇඩුවෙ නැහැ. 🍏He didn’t cry. 🍎අම්මා ඔයාට උදව් කළේ නැහැ. 🍏Mother didn’t help you. 🍎අපි කොළඹ ගියේ නැහැ. 🍏We didn’t go to Colombo. 🍎ඒ කෙල්ල අපිට බැන්නේ නැහැ. 🍏That lass didn’t blame us.
‘Did ඩිඩ්’ වලට not නොට් දැම්මාම ‘Didn’t -ඩ්ඩ්න්ට්’ වශයෙන් කෙටි කරන්න පුළුවන්.
මේ ටෙන්ස් එකෙන් දැන් ‘නැත යන අර්ථයෙන් ප්‍රශ්න (Negative Questions) හදා ගෙන බලමු.
🍏අම්මා බත් ඉව්වේ නැද්ද? ✔Didn’t mother cook rice? 🍏ඇය ආවෙ නැද්ද? ✔Didn’t she come? 🍏ඔයා මට ආදරේ කළේ නැද්ද? ✔Didn’t you love me? 🍏ඔහු ඉගෙන ගත්තෙ නැද්ද? ✔Didn’t he learn? 🍏ඔයා ඇයව අමතක කළේ නැද්ද? ✔Didn’t you forget her?
  • හරි, දැන් ඔයාට පුලුවන් අමතර ප්‍රශ්න පද යොදාගෙන තව තවත් ලස්සනට විවිධාකාර ප්‍රශ්න ලියන්න වගේම ඒවා යොදලා හදා ගන්නා වාක්‍ය වලින් කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්නත්.
  • මේ ඉගෙන ගන්න ඒවා ඔයා සටහන් පොතක ලියා ගන්න.
  • මුළ ඉදන්ම ලියන්න අපි මේ දෙන සටහන්.
  • මේවා නිවැරදි බවට වගකීම ගුරුවරයෙක් වගේම පරිවර්තකයෙක් වශයෙන් මම ගන්නවා.
මේ දීළ තියෙන ප්‍රශ්න පද වගේ සෑහෙන ප්‍රශ්න පද (Question Words) ඉංග්‍රීසි භාෂාවෙ තියෙනවා.
ඒවා ලිස්ට් එකක්ම දෙන්නම් ඉදිරියේදී. දැනට මේ තුන යොදන හැටි බලන්න. ඒවා දාන්නේ වාක්‍ය මුළට, ඊට පස්සේ ‘Did’ හෝ ‘Didn’t’ යොදන්න ඕන සුදුසු පරිදි. උදාහරණ ටික බලන්නකෝ.
✴Why - වයි - ඇයි ✴How -හව් - කොහොමද ✴When - වෙන් - කවදද
🍎ඇයි ඇය ආවෙ? 🎓Why did she come? 🍎ඇයි ඇය ආවෙ නැත්තේ? 🎓Why didn’t she come? 🍎ඇයි ඔයා ගියේ ? 🎓Why did you go? 🍎ඇයි ඔයා ගියේ නැත්තේ ? 🎓Why didn’t you go? 🍎ඇයි අම්මා බත් ඉව්වේ? 🎓Why did mother cook rice? 🍎ඇයි අම්මා බත් ඉව්වෙ නැත්තේ ? 🎓Why didn’t mother cook rice? 🍎කොහොමද ඔයා කථා කළේ ? 🎓How did you talk? 🎓How did you speak? 🍎කවදද ඇය විවාහ වුණේ ? 🎓When did she get married? 🎓When did she marry?
හොදයි,
දැන් බලමු තනි වාක්‍යක් අරගෙන ඒකෙන් කොහොමද ප්‍රශ්න සහ නෙගටිව් වාක්‍ය ඇතුළුව වාක්‍ය කට්ටලයක් හදන්නෙ කියලා.
උදාහරණ විදියට පහතින් දෙන වාක්‍ය කට්ටල දෙක ලියල තියෙන හැටි බලන්න,
🍎ඇය ආවා 🍏She came. 🍎ඇය ආවද? 🍏Did she come? 🍎ඇය ආවෙ නෑ 🍏She didn’t come. 🍎ඇය ආවෙ නැද්ද? 🍏Didn’t she come? 🍎ඇයි ඇය ආවෙ? 🍏Why did she come? 🍎ඇයි ඇය ආවෙ නැත්තෙ? 🍏Why didn’t she come? 🍎කොහොමද ඇය ආවෙ? 🍏How did she come? 🍎කවදද ඇය ආවෙ? 🍏When did she come? 🍎කාත් එක්කද ඇය ආවෙ? 🍏With whom did she come? 🍎මොකටද ඇය ආවෙ? 🍏For what did she come?
🍎ඒගොල්ලො ඔයාට බැන්නා
🍏They blamed you. 🍎ඒගොල්ලො ඔයාට බැන්නද? 🍏Did they blame you? 🍎ඒගොල්ලො ඔයාට බැන්නෙ නෑ 🍏They didn’t blame you. 🍎ඒගොල්ලො ඔයාට බැන්නෙ නැද්ද? 🍏Didn’t they blame you? 🍎ඇයි ඒගොල්ලො ඔයාට බැන්නේ? 🍏Why did they blame you? 🍎ඇයි ඒගොල්ලො ඔයාට බැන්නෙ නැත්තේ? 🍏Why didn’t they blame you? 🍎කොහොමද ඒගොල්ලො ඔයාට බැන්නේ? 🍏How did they blame you? 🍎කවදද ඒගොල්ලො ඔයාට බැන්නේ? 🍏When did they blame you? 🍎කාත් එක්කද ඒගොල්ලො ඔයාට බැන්නේ? 🍏With whom did they blame you? 🍎මොකටද ඒගොල්ලො ඔයාට බැන්නේ? 🍏For what did they blame you?
මේ පෝස්ට් එක තුළ ඇති අමාරු වචන ටික මේ තියෙන්නේ. ඒවත් පාඩම් කරගන්න ‘Dictations’ විදියට.
👉 Lass - ලැස් - කෙල්ල 👉 Marry-මැරී- විවාහ වෙනවා 👉 Get married -ගෙට් මැරීඩ් - විවාහ වෙනවා 👉 Blame -බ්ලේම් - බණිනවා 👉 Forget -ෆොගෙට් - අමතක කරනවා, අමතක වෙනවා


දැන් බලමු Simple Past Tense එකෙන් මිශ්‍ර උදාහරණ වාක්‍ය 50 ක්.
🍎මම ඊයෙ චිත්‍රපටියක් බැලුවා. 🍏I watched a movie yesterday. 🍎මම ඊයෙ නාට්‍යයක් බැලුවෙ නෑ 🍏I didn't see a play yesterday. 🍎ගිය අවුරුද්දෙ මම ජපානයට සංචාරය කළා. 🍏Last year, I traveled to Japan. 🍎මම ගිය අවුරුද්දෙ කොරියාවට සංචාරය කළේ නෑ. 🍏Last year, I didn't travel to Korea. 🍎ඔයා ඊයෙ රෑ කෑම ගත්තද? 🍏Did you have dinner last night? 🍎ඇය ඇගේ කාරෙක සේදුවා. 🍏She washed her car. 🍎ඔහු ඔහුගෙ කාරෙක සේදුවෙ නෑ. 🍏He didn't wash his car. 🍎ඔයා දම්මිට කෝල් කළා. 🍏You called Dammi. 🍎ඔයා දම්මිට කෝල් කළා ද? 🍏Did you call Dammi? 🍎ඔයා දම්මිට කෝල් කළේ නෑ. 🍏You did not call Dammi. 🍎මම වැඩ අවසන් කළා. 🍏I finished work. 🍎අපි මුහුදුවෙරළට ඇවිදගෙන ගියා. 🍏We walked to the beach. 🍎මම පීනන්න කදිම තැනක් සොයාගත්තා. 🍏I found a nice place to swim. 🍎ඔහු ගුවන්තොටුපොළින් ආවේ අටට. 🍏He arrived from the airport at 8:00 🍎ඔහු අනික් අයව මුණ ගැහුණේ දහයට. 🍏He met the others at 10:00. 🍎ඔයා පිටි එකතු කළාද (දැම්මද) ? 🍏Did you add flour? 🍎මම අවුරුදු දෙකක් තිස්සෙ බ්‍රසීලයේ ජීවත් වුණේ. 🍏I lived in Brazil for two years. 🍎ශානුක අවුරුදු හතරක් තිස්සේ ජපන් ඉගෙනගත්තා. 🍏Shanuka studied Japanese for five years. 🍎ඔවුන් මුලු දවසෙම මුහුදු වෙරළෙ වාඩි වෙලා හිටියා. 🍏They sat at the beach all day. 🍎ඒගොල්ලො මුලු වෙලාවම පාටියේ රැදී සිටියෙ නෑ. 🍏They did not stay at the party the entire time. 🍎අපි විනාඩි 30 ක් තිස්සේ ෆෝන් එකෙන් කතා කළා. 🍏We talked on the phone for thirty minutes. 🍎ඔයා කොච්චර වෙලාවක් ඒගොල්ලො වෙනුවෙන් බලාගෙන හිටියද? 🍏How long did you wait for them? 🍎අපි පැයක් තිස්සේ බලාගෙන(රැදී) හිටියා. 🍏We waited for one hour. 🍎මම ළමයකුව සිටියදී මම ප්‍රංශ ඉගෙනගත්තා. 🍏I studied French when I was a child. 🍎ඔහු වයලීනය වාදනය කළා. 🍏He played the violin. 🍎ඔහු පියානෝව වාදනය කළේ නෑ. 🍏He didn't play the piano. 🍎ඔයා සංගීත උපකරණයක් වාදනය කළා ද? 🍏Did you play a musical instrument? 🍎ඇය සිනමා ශාලාවේ වැඩ කළා. 🍏She worked at the movie theater. 🍎ඒගොල්ලො කවදාවත් පාසල් ගියේ නෑ. 🍏They never went to school. 🍎ඒගොල්ලො නිතරම පංති කට් කළා (මගහැරියා). 🍏They always skipped class. 🍎ඔහු කලින් නම් තක්කාලි වලට කැමති නෑ. 🍏He didn't like tomatoes before. 🍎ඔයා ජීවත් වුණේ නුවරද? 🍏Did you live in Kandy? 🍎ඔහු රිදී පදක්කම දිණුවා. 🍏He won the silver medal. 🍎මම ඇවිදගෙන ගියා. 🍏I walked 🍎මම ඇවිදගෙන ගියේ නෑ. 🍏I didn't walk 🍎මම ඇවිදගෙන ද ගියේ ? 🍏Did I walk? 🍎අපිට මුදල් තිබුණෙ නෑ. 🍏We didn't have money. 🍎අපිට අයිෆල් කුළුණ බලන්න වෙලාව තිබුණෙ නෑ. 🍏We didn't have time to visit the Eiffel Tower. 🍎අපි අද උදේට අපේ ව්‍යායාම කළේ නෑ. 🍏We didn't do our exercises this morning. 🍎ඔයාට තරුණ කාලේ දි බයිසිකලයක් තිබ්බද? 🍏Did you have a bicycle when you were young? 🍎ඔහු ඊයෙ රෑ සමාජශාලාවකට ගියා. 🍏He went to a club last night. 🍎ඔහු ඊයෙ රෑ සිනමා ශාලාවට ගියාද? 🍏Did he go to the cinema last night? 🍎ඔහු ඊයෙ රෑ වේලාසනින් ඇදට ගියේ නෑ. 🍏He didn't go to bed early last night. 🍎අපි ඇයට ඇයගේ උපන්දිනේට බෝනික්කෙක් දුන්නා. 🍏We gave her a doll for her birthday. 🍎ඔවුන් ඔවුන්ගේ අලුත් ලිපිනය ජෝන් ට දුන්නෙ නෑ. 🍏They didn't give John their new address. 🍎නිමල් ඔයාට මගේ විදෙස්ගමන් බලපත්‍රය දුන්නද? 🍏Did Nimal give you my passport? 🍎මගේ දෙමව්පියෝ මාව බලන්න ගිය ජුලි වල ආවා. 🍏My parents came to visit me last July. 🍎අපි ආවෙ නෑ වැහැපු නිසා 🍏We didn't come because it was raining. 🍎ඔහු ගියසතියේ ඔයාගෙ පාටියට ආවද? 🍏Did he come to your party last week? 🍎අම්මා අපිට ආදරය කළා. 🍏Mother loved us.
මේ ටෙන්ස් එකේ කර්මකාරක රටාව ගැන දැන් බලමු.
Simple Past Tense - Passive Voice.

කර්මකාරක වාක්‍ය හදද්දී පද ටික පෙල ගස්වා ගන්න ඕන පහත රටාවට.
🍏 මුලින්ම Object (කර්ම පදය ) 🍏 ඊළඟට Was හෝ Were දෙකෙන් එකක්. 🍏 ඊට පස්සෙ Verb එක Past participle ස්වරූපයෙන් තියන්න ඕන 🍏 ඊළඟට by දාලා කර්තෘ (Subject) පදය ලියන්න ඕන.
Object + Was හෝ Were + Verb Past Participle + By + Subject.
අපි බලමු උදාහරණයක් අරගෙන කොහොමද ඒක කර්මකාරකයට හරවන්නේ කියලා.
👉මුලට ගන්න Object පදය ඒකවචන නම් අපි was ද , 👉බහුවචන නම් were ද යොදා ගන්න ඕන.
🍏අම්මා බත් ඉව්වා. (කර්තෘ කාරක වාක්‍ය) ✔Mother cooked rice. 🍏බත් ඉව්වා අම්මා විසින්. (කර්මකාරක වාක්‍ය) ✔Rice was cooked by mother.
✴ඔයාට ඕන නම් මේ කර්මකාරක වාක්‍ය තුළ තියෙන by සහ subject අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ 'by mother (අම්මා විසින් ) කියන කොටහ අයින් කළොත් එතකොට ඉතිරි වෙන්නේ
✴'බත් ඉව්වා'. 🎓Rice was cooked.
👉එතකොට ප්‍රශ්ණයක් අහද්දී මේකෙ දී අපි Was ගන්නවා වාක්‍ය මුළට. 👉ඒ වගේම නෙගටිව් වාක්‍ය හදද්දි Was වලට not එකතු කරනවා.
බලන්න මේ උදාහරණ. 🍎බත් ඉව්වද? 🍏Was rice cooked? 🍎බත් ඉව්වේ නෑ. 🍏Rice was not cooked. 🍎බත් ඉව්වේ නැද්ද? 🍏Wasn't rice cooked ? 🍎ඇයි බත් ඉව්වේ? 🍏Why was rice cooked? 🍎ඇයි බත් ඉව්වේ නැත්තේ? 🍏Why wasn't rice cooked?
👉මම මේ වගේම වාක්‍ය Simple Present Tense එකේ දි Passive Voice හදන විදිය කියල දෙද්දී සෑහෙන්න පැහැදිලි කලා. 👉ඔයාට පුලුවන් passive voice ගැන පොදුවේ ඉගෙන ගන්න ආයෙමත් ඒ පරණ ලිපි දෙක බලන්න .
අපි තව උදාහරණ ටිකක් බලමු. 🍎ඔවුන් ඔයාට බැන්නා (කර්තෘ කාරක වාක්‍ය ) 🍏They blamed you. 🍎ඔයාට බැන්නා ඔවුන් විසින් .(කර්මකාරක වාක්‍ය) 🍏You were blamed by them. 🍎ඔයාට බැන්නා. 🍏You were blamed. 🍎ඔයාට බැන්නා ද? 🍏Were you blamed.? 🍎ඔයාට බැන්නෙ නෑ. 🍏You weren't blamed. 🍎ඔයාට බැන්නේ නැද්ද? 🍏Weren't you blamed.? 🍎ඇයි ඔයාට බැන්නේ? 🍏Why were you blamed? 🍎ඇයි ඔයාට බැන්නේ නැත්තේ? 🍏Why weren't you blamed.?
එසේම තව උදාහරණයක් බලමු..
🍎ඇය මට උදව් කළා. (කර්තෘ කාරක වාක්‍ය ) 🍏She helped me. 🍎මට උදව් කළා ඇය විසින් . (කර්මකාරක වාක්‍ය ) 🍏I was helped by her. 🍎මට උදව් කළා. 🍏I was helped. 🍎මට උදව් කළා ද? 🍏Was I helped? 🍎මට උදව් කළේ නෑ. 🍏I wasn't helped. 🍎මට උදව් කළේ නැද්ද? 🍏Wasn't I helped? 🍎ඇයි මට උදව් කළේ? 🍏Why was I helped ? 🍎ඇයි මට උදව් කළේ නැත්තේ? 🍏Why wasn't I helped.?
Passive Voice වාක්‍ය යොදාගෙන ඔයාට හිතට එන වාක්‍ය ලස්සන ට කියන්න ගෙදරදී පුරුදු වෙන්න. වාක්‍ය තුළ තිබ්බ Subject 1 අයින් කරලා ලස්සන වාක්‍ය හදල ගෙදර අයගෙන් එක එක ප්‍රශ්ණ එහෙමත් අහල බලන්න.
🍏බත් කෑවද? 🍎Was rice eaten? 🍏ඔයාට ආදරේ කළා. 🍎You were loved. 🍏මට ගැහුවා. 🍎I was hit. 🍏තාත්තාව අත්අඩංගූවට ගත්තා. 🍎Father was arrested. 🍏ඇයව තේරුම් ගත්තා. 🍎She was understood.

SIMPLE PRESENT TENSE -Full Lesson ( සරල වර්තමාන කාලය සම්පූර්ණ පැහැදිලි කිරීමක්)





සරල වර්තමානය යනු ප්‍රධාන භාවිතයන් කීපයක් සහිත ටෙන්ස් එකක් ඉතින් මෙම ටෙන්ස් එක,

👉 පුරුදු විස්තර කිරීමට ( to describe habits.)
👉 වෙනස් නොවන තත්වයන්(Unchanging situations.)
👉 සාමාන්‍ය සත්‍යයන්(General truths.)
👉 ස්ථාවර විධිවිධාන (Fixed arrangements.)  

ආදිය පැවසීමට භාවිතා කරනවා.

🍎ඉංග්‍රීසි ක්‍රියා පදයක මූලික ස්වරූපය (Base Form එක) සාමාන්‍යයෙන් බහුවචනයෙන් පවතින බව ව්‍යාකරණමය විශ්වාසයයි.
🍎ඒ කියන්නේ දැන් අපි හැමෝම දන්න Go , Run, Eat, Cut, Play ආදී වශයෙන් තියෙන සෑම ක්‍රියා පදයක්ම බහුවචන පද ලෙසින් තමයි සැලකෙන්නේ.
🍎ක්‍රියාව සිද්ද කරන එක්කෙනා හෙවත් කර්තෘ (Subject ) බහු වචන පදයක් නම් අපි ක්‍රියා පදයත් ඔහොමම බහු වචනයෙන් ම තියෙන්න දෙනවා.

මේ ලිපියෙන් අපි කථා කරන්නේ බහුවචන කර්තෘ පදයක් එක්ක  සරල වර්තමාන කාලයෙන් වාක්‍ය හදා ගන්න හැටි. මේ ටෙන්ස් එක ගැන සම්පූර්ණ පැහැදිලි කිරීම කරන්න ලිපි කිහිපයක් කොටස් විදියට පිලිවෙලට දාන්නම්.

👉දැන් ආයෙමත් බලමු මෙම කාලයේ බහුවචන කර්තෘ පද සමග වාක්‍ය හදන හැටි.

උදාහරණ විදියට ගත්තොත් මේ ටෙන්ස් එකේ දී බහුවචන කර්තෘ පද ලෙසින් සලකන ඒවා ටිකක් පහතින් තියෙන්නේ,

🍏I  -අයි  -මම
🍏WE - වී  -අපි
🍏YOU -යූ -ඔයා, ඔයාලා
🍏THEY -දේ -ඔවුන්, ඒගොල්ලෝ
🍏Cats-කැට්ස් -පූසෝ

ඒ අනුව ගත්තාම සරළ වාක්‍ය හදා ගන්න ඕන කෙනෙක්ට පුලුවන් මෙන්න මෙහෙම,

එතකොට වාක්‍යයේ පද ටික පෙල ගස්වා ගන්න වෙන්නේ මුලින්ම කර්තෘ පදය ලියල ඊට පස්සේ ක්‍රියා පදය ලියලා අන්තිමට කර්ම පදය ලියන්න ඕන.

SUBJECT + VERB + OBJECT පිලිවෙලටයි.

🍏මම හැමදාම බත් කනවා
🍎I eat rice everyday.
🍏අපි හැමදාම දුවනවා
🍎We run everyday.
🍏ඔයා හැමදාම ගෙදර යනවා
🍎You go home everyday.
🍏ඔවුන් හැමදාම සෙල්ලම් කරනවා
🍎They play everyday.
🍏පූසන් කිරි බොනවා
🍎Cats drink milk.

මේ විදියට සරල වර්තමාන කාලය හෙවත් (Simple Present Tense) යොදා ගන්නේ ප්‍රධාන වශයෙන්ම “පුරුදු ලෙස සිදු කරන හෝ සිදු වන ක්‍රියා” සහිත වාක්‍ය ප්‍රකාශ කිරීමටය.

වැදගත්ම දේ තමයි මේ මොහොතේ දී ඔයා කරමින් ඉන්න දේවල් කියන්න නෙමෙයි මේ ටෙන්ස් එක යොදා ගන්නේ.

තවත් උදාහරණ ටිකක් බලමු

🍏අපි හැමදාම බුදුන් වදිනවා
🍎We worship Lord Buddha everyday
🍏මම ලන්ඩන් වල වැඩ කරන්නේ.
🍎I work in London
🍏පූසන් කිරි වලට කැමතියි.
🍎Cats like milk.
🍏ඔයාගෙ විභාගේ පටන්ගන්නේ නමයට
🍎Your exam starts at 09.00
🍏ඔහු උදේ කෑම වෙලාවට තේ බොනවා
🍎He drinks tea at breakfast.
🍏ඇය කන්නේ මාලු විතරයි
🍎She only eats fish.
🍏ඒගොල්ලො නිතිපතා ටීවී බලනවා
🍎They watch television regularly.
🍏අපි හැමදාම උදේට බස්එක අල්ලගන්නවා
🍎We catch the bus every morning.
🍏අංශක බිංදුවෙදි වතුර මිදෙනවා
🍎Water freezes at zero degrees.
🍏පෘථීවිය ඉර වටා පරිභ්‍රමණය වෙනවා
🍎The Earth revolves around the Sun.

මේ පහතින් දාන වාක්‍ය දෙක අනාගත කාල බවක් පෙන්නුවට ඒවා  ෂුවර් එකටම වෙන බව කලින් දන්න නිසා මේ ටෙන්ස් එකෙන් තමයි කියන්නේ

🍏ඒගොල්ලන්ගෙ දෙමව්පියො හෙට එනවා
🍎Their parents arrive tomorrow.
🍏අපේ නිවාඩුව මාර්තු 26 පටන් ගන්නවා.
🍎Our holiday starts on the 26th March

Simple present tense වාක්‍ය රටාවේ දී බහු වචන කර්තෘ පදයක් එක්ක හැදෙන වාක්‍ය බලමු ඒවායෙන් ප්‍රශ්න ( Questions ) සහ ‘නැත යන අර්ථයේ’ ( Negative ) වාක්‍ය සකසන හැටි.

පහතින් මම දෙන උදාහරණය බලන්නකෝ.

Example-
✅ඔයා චොක්ලට් වලට කැමතියි.
🚩You like chocolate.

මේ වාක්‍ය ගත්තාම සරලවම වාක්‍යයේ ක්‍රියාව කරන කෙනා (Subject) ඊළගට ක්‍රියා පදය (Verb), ඊට පස්සේ කර්ම පදය (Object) යොදල තියෙනවා.

💣අපි දැකල තියෙනවා සමහර අය මේ මැද්දට නිකන් am, is, are වගේ ඒවා දානවා. එහෙම දාන්න එපා. එහෙම කළොත් සම්පූර්ණයෙන්ම වාක්‍ය වැරදියි. කියන සර්වනාම(Pronoun) පදය ඉංග්‍රීසි වලදි සලකන්නේ බහු වචන පදයක් විදියට බවත් මතක ඇති අනේ අපි කලින් ලිපියෙදි කිව්වා.

✅ඔයා චොක්ලට් වලට කැමති ද?
🚩Do you like chocolate?

දැන් බලන්න බහුවචන කර්තෘ පදයක් තියෙන ඕනැම මෙවැනි වාක්‍යක ප්‍රශ්න හදද්දී අපි ‘ඇත යන අර්ථයේ ප්‍රශ්නය’ හෙවත් (Affirmative Question) හදද්දී වාක්‍යයේ මුළ ට 'DO’ යොදනවා.

මේ බලන්න කෝ තවත් උදාහරණ,

✅ඔයා මට කැමතිද?
🚩Do you like me?
✅ඔයා හැමදාම ගෙදර යනවද?
🚩Do you go home everyday?
✅පූසන් කිරි වලට කැමතිද?
🚩Do cats like milk?
✅දෙමව්පියන් දරුවන්ට ආදරෙයි ද?
🚩Do parents love children?
✅ඔයාලා ගුරුවරුන්ට ගරු කරනවාද?
🚩Do you respect teachers?

දැන් අපි බලමු ‘නැහැ’ කියල දැනුම් දෙන හැටි. එහෙමත් නැත්නම් ‘Negative Sentence’ එක හදා ගන්න විදිය.

ඒකට ඔයා කරන්න ඕන වෙන්නේ අර ‘DO” කියන පදයට ‘NOT” දාන එක විතරයි. ඒක කෙටි කළාම ‘Don’t  (ඩෝන්ට්).

✅ඔයා චොක්ලට් වලට කැමති නැහැ.
🚩You do not like chocolate.
✅මම ඔයාට කැමති නැහැ.
🚩I don’t like you.
✅අපි කොළඹ යන්නෙ නැහැ.
🚩We don’t go to Colombo.
✅ඒගොල්ලො අපිව විශ්වාස කරන්නෙ නැහැ.
🚩They don’t trust us.
✅ඔයා මට ආදරේ නැහැ.
🚩You don’t love me.

හොදයි, දැන් අපි බලමු කොහොමද ‘නැත යන අර්ථයේ ප්‍රශ්න’ හෙවත් Negative Questions  හදන්නේ කොහොමද කියලා. එහිදී වචාත් ජනප්‍රිය ක්‍රමය තමයි වාක්‍ය මුළ ට ‘Don’t” දැමීම.

හැබැයි මේ විදියේ ප්‍රශ්න ලිඛිත භාෂාව තුළ නෙවෙයි කථන භාෂාවේ දි තමයි බොහෝ වෙලාවට හමු වෙන්නේ. ඒ බවත් මතක තියා ගන්න.

බලන්නකෝ මේ උදාහරණ ටික දිහා.

✅ඔයා චොක්ලට් වලට කැමති නැද්ද?
🍎Don’t you like chocolate?
✅ඔයා නිමල්ට කැමති නැද්ද?
🍎Don’t you like Nimal?
✅ඔයා මට ආදරේ නැද්ද?
🍎Don’t you love me?
✅ඔයා කොළඹ යන්නෙ නැද්ද?
🍎Don’t you go to Colombo?
✅පිරිමි ළමයි සෙල්ලම් කරන්නෙ නැද්ද?

🍎Don’t boys play?

ඔහොම වාක්‍ය හදලා නතර නොවී ඔයාට පුලුවන් ප්‍රශ්නවාචී පද (Question words) වල සහයෝගය අරගෙන තව තවත් ප්‍රශ්න හදලා හිතේ තියෙන දේවල් ලස්සනට කියන්න. ඔන්න බලන්නකෝ මම මේ හදන ප්‍රශ්න දිහා.

✅ඇයි ඔයා ඒකට කැමති?
🍎Why do you like it?
✅ඇයි ඔයා ඔහුව බදින්නේ?
🍎Why do you marry him?
✅ඇයි ඔයා චොක්ලට් වලට කැමති ?
🍎Why do you like chocolate?
✅ඇයි ඔයා අපේ අම්මට හැමදාම බණින්නේ?
🍎Why do you blame our mother?
✅කොහොමද ඔයා කොළඹ යන්නේ?
🍎How do you go to Colombo?
✅කාත් එක්කද ඔයා සෙල්ලම් කරන්නේ
🍎With whom do you play?

‘ඇයි නැත්තේ?’ කියන අදහස වගේම තවත් විවිධ අදහස් දෙන වාක්‍ය ද අපිට හදාගන්න පුලුවන් මේ විදියට.

✅ඇයි ඔයා චොක්ලට් වලට කැමති නැත්තේ ?
🍎Why don’t you like chocolate?
✅ඇයි ඔයා මට කැමති නැත්තේ?
🍎Why don’t you like me?
✅ඇයි ඔයා බත් කන්නෙ නැත්තේ?
🍎Why don’t you eat rice?
✅ඇයි ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ නැත්තෙ?
🍎Why don’t you learn English?
✅ඇයි ඒ ගොල්ලො අපිව පාවලා දෙන්නෙ නැත්තේ?
🍎Why don’t they betray us?

මේ කොටස තුළ අපි කථා කරනවා බොහොම වටිනා දේවල් ටිකක්.

✅ ඒ තමයි කොහොමද අපි මෙම ටෙන්ස් එකෙන් ඒක වචන කර්තෘ කෙනෙක් (Singular Subject) යෙදුණා ම වාක්‍ය හදන්නේ කියලා.

සරළ නීති දෙකක් තියෙනවා මේ ටෙන්ස් එකේ දී.

1) වාක්‍යක කර්තෘ(Subject) බහු වචන නම් ක්‍රියාව (Verb) ද බහු වචනයෙන් (Plural) තියන්න ඕන.
2) වාක්‍යක කර්තෘ(Subject) ඒක වචන නම් ක්‍රියාව (Verb) ද ඒක වචනයෙන් (Singular) තියන්න ඕන.

මෙහෙමයි, දැන් හිතන්නකෝ

✅HE – ඔහු
✅SHE – ඇය
✅IT – ඌ, ඒක
✅Nimal – නිමල්
✅The teacher - ගුරුවරයා

🍎ඉහතින් දීල තියෙන පද වගේ ඒකවචන පද වලින් මොනව හරි වාක්‍යයක් පටන් ගත්තොත් ඔයාට සාමාන්‍ය පරිදි ක්‍රියා පදය යොදා ගන්න කොහෙත්ම බැහැ.

🍎ඊට හේතුව තමයි ක්‍රියාපද සාමාන්‍යයෙන් සැලකෙන්නේ බහුවචන පද වශයෙන් නිසයි.

ක්‍රියා පදයක් කියන්නේ මොකක් හරි ඇක්ෂන් එකක් නේ. ඔයා හිතයි එතකොට කොහොමද දෙයියනේ ‘ඇක්ෂන්’ එකක් ඒක වචන හෝ බහුවචන වෙන්නෙ කියලා.

ඒකට උත්තරේ හරි සරළයි. ඔබ දන්නා Go, Run, Eat, Love ආදී වශයෙන් පදනම් ස්වරූපයෙන් (Base form) තියෙන හැම ක්‍රියා පදයක්ම බහුවචනයෙන් පවතිනවාය යන්න ව්‍යාකරණමය විශ්වාසයක්. එහෙමත් නැත්නම් ඒක සම්මතයක්.

අපි සාමාන්‍යයෙන්

🍎ගුරුවරු ඉංග්‍රීසි උගන්වනවා
🍏Teachers teach English.

මේ වාක්‍යයේ දි ‘උගන්වනවා’ කියන ක්‍රියාව සිද්ධ කරන්නේ ‘ගුරුවරු’. ඉතින් ‘ගුරුවරු’ කියල කිව්වම එතන ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ කර්තෘ තියෙන්නේ ‘බහු වචනයෙන්’.

මේ වාක්‍යයේ ක්‍රියා පදය තියෙන්නෙත් සාමාන්‍ය විදියටමයි. ඒ කියන්නේ එතකොට ඒ ක්‍රියාපදයත් ‘බහු වචනයි’.

එතකොට ඒ වාක්‍යයේ කර්තෘ (Subject ) තියෙන්නෙත් බහුවචනයෙන්(Plural).
ක්‍රියාව (Verb) තියෙන්නෙත් බහු වචනයෙන් (Plural)
එතකොට මේ වාක්‍ය 100% ක් නිවැරදියි. ඔයා අහල ඇතිනේ සිංහල වල කියනවා ‘උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය’ කියල එකක් . ඒක වගේ එකක් තමයි මේකත්.

🍏ගුරුවරයා ඉංග්‍රීසි උගන්වනවා
🍎The teacher teach English. (වැරදියි)
✅The teacher teaches English. (නිවැරදියි)

මේ වාක්‍යයේ දි කර්තෘ ‘ගුරුවරයා’ කියන ඒක වචන පදය බව ඔයාට පැහැදිලිවම පේනවනේ. එතකොට ‘Teach’ නැමැති බහු වචන ක්‍රියා පදය යෙදුවොත් වැරදියි.

ඒ නිසා ක්‍රියා පදය ඒක වචන ස්වරූපයට හරවා ගන්න ඕන. ඒ නිසා ඔයාට පේනවා ඇති ‘Teach” කියන ක්‍රියා පදයේ ඒකවචන ස්වරූපය (Singular Form) තමයි ‘Teaches” කියන්නේ.

✅වචනයේ හැඩය වෙනස් වුණාට සිංහලෙන් තේරුම නම් ‘උගන්වනවා’ කියන එකම තමයි. ඒත් සමහරු නම් සිංහල ව්‍යාකරණ එක්ක මේක පටලගෙන පිස්සු නටනවා. අපි වගකීමෙන් කියනවා ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් සිංහල ව්‍යාකරණ එක්ක මේවා පටල ගන්න එපා.

✅ඒ නිසා “Teach’ කිව්වත් “Teaches” කිව්වත් දෙකේම සිංහල තේරුම ‘උගන්වනවා” කියන එක බව මතක තියා ගන්න.

👉දැන් අපි බලමු බහුවචනයෙන් තියෙන ක්‍රියාපද ඒක චවනයට හරවා ගන්න ක්‍රම ටික ගැන. හරිම ලේසියි,

🚩පළමු ක්‍රමය - ක්‍රියාපදයේ අගට ‍es යෙදීම.

මොනව හරි ක්‍රියා පදයක් sh, ch, s, x , o , z යන අකුරු වලින් අවසන් වෙනව නම් අපි ඒවගේ අගට es තමයි එකතු කරන්නේ.

උදාහරණ ටික බලන්නකෝ ඒවයේ අගට දාලා ඒකවචන ස්වරූපය හදාගෙන තියෙන හැටි.

💖Push (පුෂ්) - Pushes (පුෂස්) - තල්ලු කරනවා
💖Catch (කැච්) - Catches (කැචස්) - අල්ල ගන්නවා
💖Kiss (කිස්) - Kisses (කිසස්) - සිපගන්නවා
💖Fix (ෆික්ස්) - Fixes (කිසස්) - සවිකරනවා
💖Go (ගොඋ) - Goes (ගොඋස්) - යනවා
💖Buzz (බස්’) - Buzzes (බසස්) - ගුමුගුමු නද දෙනවා

🚩දෙවන ක්‍රමය - ක්‍රියාපදයේ අගට ‍ies යෙදීම.

මොනව හරි ක්‍රියා පදයක් Y අකුරින් ඉවර වෙලා ඒ එක්කම එම Y අකුරට පෙර අකුර A,E,I,O,U (Vowel)  අකුරු වලින් එකක් නොවුණොත් විතරක් අග තිබ්බ Y අකුර අයින් කරලා ඒ වෙනුවට ies යොදලා ඒකවචනයට හරවා ගන්නවා.

උදාහරණ ටික බලන්නකෝ ඒවයේ අගට ies දාලා ඒකවචන ස්වරූපය හදාගෙන තියෙන හැටි.

💖Try (ට්‍රයි) Tries (ට්‍රයීස්) -උත්සාහ කරනවා
💖Fly  (ෆ්ලයි) Flies (ෆ්ලයීස්) -පියාඹනවා
💖Fry (ෆ්‍රයි) Fries (ෆ්‍රයීස්) -බදිනවා
💖Cry (ක්‍රයි) Cries (ක්‍රයීස්) -අඩනවා

නමුත් Y අකුරට පෙර ස්වර අකුරක් (A,E,I,O,U) තිබ්බොත් අපි Y ඉවත් නොකර නිකන්ම අගට S  විතරක් යොදල තමයි ඒකවචන ස්වරූපය හදා ගන්නේ.

එපමණක් නොව අනෙක් හැම වෙලාවෙදිම වගේ අපි ක්‍රියා පදයට S එකතු කරලා තමයි ඒක වචන ස්වරූප හදා ගන්නේ.

💖Play(ප්ලේ)     Plays (ප්ලේස්) -සෙල්ලම් කරනවා
💖Pay(පේ)          Pays  (පේස්) -ගෙවනවා
💖Run(රන්)         Runs (රන්ස්) -දුවනවා
💖Eat(ඊට්)           Eats      (ඊට්ස්) -කනවා
💖Come(කම්)    Comes (කම්ස්) - එනවා

අපි දැන් බලමු ඒකවචන කර්තෘ පද එක්ක වාක්‍ය හදලා,

🍏ඇය හැමදාම ගෙදර යනවා
🍎She goes home every day.

ඔයා මෙතනදී කිව්වොත් ‘She go home every day’ කියලා එතකොට වැරදියි. දැන් තේරෙනවද? She ඒක වචන නිසා ක්‍රියාවත් ඒක වචන ස්වරූපයෙන් Goes කියල තියෙන්නම ඕන අනිවාර්යයෙන්.

බොහෝ දෙනා පටලගෙන වරද්ද ගන්නේ මේක තමයි මේ ටෙන්ස් එකේ දී.

දැන් තවත් උදාහරණ වාක්‍ය ටිකක් බලමු,

🍎අම්මා හැමදාම බත් උයනවා
🍏Mother cooks rice every day.
🍎පාටිය පටන්ගන්නේ අට ට.
🍏The party starts at 8 o'clock.
🍎කෝච්චිය පිටත්වෙන්නේ අද රෑ පස්වරු හයට.
🍏The train leaves tonight at 6 PM.
🍎සතියකට වතාවක් ටොම් කාර්එක පිරිසිදු කරනවා.
🍏Once a week, Tom cleans the car.
🍎ඇය නිතරම ඇයගේ පසුම්බිය අමතක කරනවා
🍏She always forgets her purse.
🍎ඔහු උදේකෑමෙදි තේ බොනවා
🍏He drinks tea at breakfast.
🍎ඇය කන්නෙ මාලු විතරයි
🍏She only eats fish.
🍎අංශක බිංදුවෙදි ජලය මිදෙනවා
🍏Water freezes at zero degrees.
🍎පෘථීවිය ඉර වටා පරිභ්‍රමණය වෙනවා
🍏The Earth revolves around the Sun.
🍎ඔහු හැමදාම උදේට ඉස්කෝලෙ යනවා
🍏He goes to school every morning.
🍎ඇයට ඉංග්‍රීසි තේරෙනවා
🍏She understands English.
🍎ඔහු බොහෝ තදින් උත්සාහ කරනවා
🍏He tries very hard.
🍎ඇය පියානෝ වාදනය කිරීම රසවිදිනවා
🍏She enjoys playing the piano.


අපි දැන්ක කථා කරන්නේ කොහොමද  Singular Subject (ඒකවචන කර්තෘ) එකක් සහිත වාක්‍ය වලින් ප්‍රශ්න සහ නෙගටිව් වාක්‍ය නිර්මාණය කරන්නේ කියලා.

කෙලින්ම වැඩේට බහිමු,

✅ප්‍රශ්නයක් සකසද්දී වාක්‍යයේ මුළ ට ‘Does” යොදා ගන්න ඕන.


  • ‘ඇය හැමදාම පාසල් යනවා’ කියන වාක්‍ය ගත්තොත් එහි තියෙන කර්තෘ පදය තමයි ‘ඇය’ .
  • ඔයා දන්නවා ‘ඇය’ කියද්දී එතන ඉන්නෙ එක පුද්ගලයයි.
  • ඒ කියන්නේ ඒක වචන කර්තෘ පදයක් තමයි මේකෙ තියෙන්නේ.


එතකොට අපි ප්‍රශ්ණයක් සකසද්දී ‘ඇය හැමදාම පාසල් යනවද?’ කියල අහද්දී වාක්‍ය තුළ වෙනස් කම් 02 ක් සිද්ධ වෙනවා

1) වාක්‍ය මුළ ට Does යොදා ගැනීම.
2) ක්‍රියා පදය නැවතත් මුල් ස්වරූපයට පත් වීම.

බලන්න දැන් මේ පහත උදාහරණ වාක්‍ය දිහා.

✅ඇය හැමදාම පාසල් යනවා.
🍏She goes to school every day.
✅ඇය හැමදාම පාසල් යනවද?
🍏Does she go to school every day?

👉නෙගටිව් වාක්‍ය හදා ගනිද්දී ඔයා අර ගත්තු Does වලට Not එකතු කරන්නයි ඕන.

ඒක හරිම සරළ වැඩක්. Does හා Not කියන පද දෙක භාවිතයේ පහසුව වෙනුවෙන් එකට එකතු කළාම Doesn’t විදියට භාවිතා කරන්න පුළුවන්.

👉‘නැත යන අර්ථයෙන් ප්‍රශ්න’ අහද්දී ඔයාට පුලුවන් Doesn’t (ඩ’සන්ට්) කියන පදය වාක්‍යයේ මුළට ගන්න. පහත උදාහරණ බලන්න.

✅ඇය හැමදාම පාසල් යන්නෙ නැහැ.
🍏She does not go to school every day.
✅ඇය හැමදාම පාසල් යන්නෙ නැද්ද?
🍏Does not she go to school every day?

ඒ වගේම ඔයාට පුලුවන් තව තවත් ලස්සන වාක්‍ය හදා ගන්න.
එක එක උපකාරක ප්‍රශ්නපද යොදාගෙන.
ඒ කියන්නේ Why, How වගේ ප්‍රශ්නවාචී පද යොදා ගෙන පහත පරිදි වාක්‍ය හදන්න පුලුවනි.

✅ඇයි ඇය හැමදාම පාසල් යන්නේ?
🍏Why does she go to school every day?
✅ඇයි ඇය හැමදාම පාසල් යන්නෙ නැත්තේ?
🍏Why does not she go to school every day?
✅කොහොමද ඇය හැමදාම පාසල් යන්නේ?
🍏How does she go to school?
✅කාත් එක්කද ඇය හැමදාම පාසල් යන්නේ?
🍏With whom does she go to school?
✅මොකටද ඇය හැමදාම පාසල් යන්නේ?
🍏For what does she go to school?

🎓 නමුත් බොහෝ බොහෝ විට Who නැමැති ප්‍රශ්න පදය යොදාගෙන ප්‍රශ්න ඇසීමේ දී අපි  do හෝ does නැමැති පද යොදා නොගනී.  මේ උදාහරණ බලන්න,

✅ලන්ඩන් වල ජීවත්වෙන්නේ කවුද?
🍎Who lives in London?
✅සතිඅන්තයේ දී පාපන්දු ක්‍රීඩා කරන්නේ කවුද?
🍎Who plays football at the weekend?
✅ජාතික රෝහලේ වැඩ කරන්නේ කවුද?
🍎Who works at the National Hospital?

හොදයි, අපි දැන් කලවමේ මෙම Simple Present Tense එකෙන් ඒකවචන වාක්‍ය (Singular Sentences) වලින් උදාහරණ 40 ක් බලමු.

🍎ඔහු බාස්කට් බෝල් සෙල්ලම් කරන්න කැමතියි.
✅He likes to play basketball.
🍎ඔහු ඉංග්‍රීසි කථා කරනවා
✅He speaks English.
🍎ඔහු ඉංග්‍රීසි කථා කරනවද?
✅Does he speak English?
🍎ඔහු ඉංග්‍රීසි කථා කරන්නේ නැහැ.
✅He does not speak English.
🍎ඔහු පාසල් යනවා.
✅He goes to school.
🍎ඔහු පාසල් යනවද?
✅Does he go to school?
🍎ඇය ඇගේ හොදම මිතුරියට ඊමේල් එකක් ලියනවා.
✅She writes an e-mail to her best friend.
🍎ඔහු හිතන්නේ ඔහු හරිම කඩවසම් කියලයි.
✅He thinks he is very handsome.
🍎සාමාන්‍යයෙන් හැමදාම මෙහෙට වහිනවා.
✅It usually rains every day here.
🍎ඔහුට මේ දැන්ම උදව් අවශ්‍යයි.
✅He needs help right now.
🍎ඔහුට දැන් උදව් අවශ්‍ය නැහැ.
✅He does not need help now.
🍎කුස්සිය ඇතුළේ හරිම මිහිරි සුවදයි.
✅It smells very delicious in the kitchen.
🍎ඔහු ඊමේල් එකක් ලියනවාද?
✅Does he write an email?
🍎සූර්යයා නැගෙනහිරින් පායයි.
✅The sun rises at the east.
🍎ඇය කාරෙකෙන් වැඩට යයි.
✅She goes to work by car.
🍎පෘථීවිය සූර්යයා වටා යයි.
✅The earth goes round the sun.
🍎නිමල් දවසකට දෙපාරක් ඔහුගේ දත් මදිනවා.
✅Nimal brushes his teeth twice a day.
🍎ඔහු හැමදාම උදේ අවදිවෙනවා.
✅He gets up early every day.
🍎ඇය සදුදට ජ’ර්මන් ඉගෙන ගන්නෙ නැහැ.
✅She doesn’t learn German on Monday.
🍎ඇය ජීවත් වෙන්නේ පැරිස් වල ද?
✅Does she live in Paris?
🍎ඔහු ගණිතය ඉගෙන උගන්වන්නෙ නැහැ.
✅He doesn’t teach math.
🍎හැම දරුවෙක්ම අයිස්ක්‍රීම් එකකට කැමතියි.
✅Every child likes an ice-cream.
🍎මගේ අම්මා කවදාවත් බොරු කරන්නෙ නැහැ
✅My mother never lies.
🍎ඇය පරිගණකයක් පාවිච්චි කරන්නෙ නැහැ.
✅She doesn’t use a computer.
🍎පාඨමාලාව පටන් ගන්නෙ ලබන ඉරිදා.
✅The course starts next Sunday.
🍎ඇය හැම උදෑසනකම පීනනවා.
✅She swims every morning.
🍎සාමාන්‍යයෙන් කෝච්චිය පිටත් වෙන්නෙ කීයටද?
✅When does the train usually leave?
🍎ඇයට නිතරම ඇගේ පසුම්බිය අමතක වෙනවා.
✅She always forgets her purse.
🍎ඇයට ඕන දන්ත වෛද්‍යවරියක් වෙන්න.
✅She wants to be a dentist.
🍎මගේ පූසා හරිම වේගෙන් දුවනවා.
✅My cat runs very fast.
ඔහු හැමදාම උදේට කෝච්චිය අල්ලගන්නවා.
✅He catches the train every morning.
🍎රුවන් වැඩ කරන්නෙ නැහැ.
✅Ruwan doesn’t work.
🍎මගේ පෙම්වතා මේ සින්දුවට කැමතියි.
✅My boyfriend loves this song.
🍎මගේ තාත්ත ඉංග්‍රීසි කතා කරන්නෙ නැහැ.
✅My father doesn’t speak English.
🍎නිමාලි කථා කරන්නේ ඉතා වේගයෙන්
✅Nimali talks very fast.
🍎මගේ තාත්ත සති අන්ත වල කවදාවත් වැඩ කරන්නෙ නෑ.
✅My Dad never works on the weekends.
🍎ඇය රසායන විද්‍යාව උගන්නවන්නෙ නැහැ.
✅She doesn’t teach chemistry.
🍎ඇය කෙසෙල් වලට කැමතියි.
✅She likes bananas.
🍎ඇය කෝපි බොනවද?
✅Does she drink coffee?
🍎ඔයාලගේ පුතා ඉංග්‍රීසි ඉගෙන ගන්නවද?
✅Does your son learn English?


හරි දැන් අපි බලමු  කර්මකාරක වාක්‍ය හදන හැටි ඉතාම නිවැරදිව.

Simple Present Passive


  • මෙහි දී අපි කථා කරන්නේ මෙම ටෙන්ස් එකේ කර්මකාරක රටාව ගැනයි.
  • Passive voice කියන එක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් වාක්‍යයේ කර්ම පදය මතු කරලා උලුප්පා දක්වන්නයි.


ඔයාට වාක්‍යයේ පද ටික පෙල ගස්වා ගන්න ඕන පියවර ටික තමයි මේ,

🍏මුලින්ම වාක්‍යවේ කර්ම පදය (Object)
🍏ඊට පස්සේ Am හෝ Is හෝ are යන පද වලින් එකක්.
🍏ක්‍රියා පදය (Verb) ලියන්න ඕන ‘Past participle” ස්වරූපයෙන්.
🍏අන්තිමට by යොදලා කර්තෘ (Subject) පදය ලියන්න.

මේ පහතින් තියෙන්නේ ඒ රටාව.

Object+ am/is/are + Verb past participle+ by + Subject

✅ඔයාට මේක ඉතා වේගයෙන් කියල දුන්නොත් තේරුම් ගන්න බැරි වෙයි.
ඒ නිසා මේක උපරිම පැහැදිලි කරන්නම්.
✅කර්මකාරක වාක්‍ය වලදී අවධානය හෙවත් වැඩිපුර බර දාන්නේ වාක්‍ය යේ තියෙන කර්ම(Object) පදයට.
ඒ නිසා object එක ගැන ඉස්සෙල්ලාම ඉගෙන ගමු.

කර්ම පදය කියන්නේ වාක්‍යක ක්‍රියාවට යටත් වන දෙය. ඉංග්‍රීසියෙන් ම කිව්වොත්

✅‘In grammar, an object is a noun, pronoun, or noun phrase on which a verb performs an action.’

🍎අම්මා බත් උයනවා

මේ වාක්‍ය දිහා බලන්න. ක්‍රියා පදය තමයි ‘උයනවා’ කියන එක.
ඉතින් ඉවීමට ලක් වෙන්නේ මොනවද කියල බලන්නකෝ. ‘බත්’ නේද?

අන්න හරි.
එතකොට මේ වාක්‍යයේ ‘බත්’ කියන පදය තමයි ‘කර්මය’.

තව එකක් බලමු,

🍎ඔවුන් මට ගහනවා

මේ වාක්‍යයේ ක්‍රියාව තමයි ‘ගහනවා’ කියන එක.
එතකොට ගැසීම හෙවත් ගුටිකෑම ලබන්නේ කවුද? ‘මට’ කියන පදය තමයි ඒ ඇක්ෂන් එකට යටත් වෙන්නේ.
ඒ නිසා මේකෙ කර්ම පදය තමයි ‘මට’ නැමැති පදය.
ඉස්සෙල්ලම ඒක තේරෙන සිංහලෙන් අවබෝධ කරගෙන තමයි ඉංග්‍රීසියෙන් අවබෝධ කර ගන්න ඕන.

දැන් අතිෂයින්ම වැදගත් දෙයක් කියන්නයි හදන්නේ.

🍎ඒ තමයි ඉංග්‍රීසි වල හැම වාක්‍යකම මේ ‘Object” පද පිහිටන්නෙ නැහැ.
🍎ඒත් සමහර වාක්‍ය වල objects තියෙනවා.

එතකොට කොහොමද හරියටම වාක්‍යක  Object එකක් තියෙද කියල හොයා ගන්නේ ?

ඔයා ඒකට කරන්න ඕන දේ තමයි දීල තියෙන වාක්‍යවේ ක්‍රියා පදයෙන් පහත ප්‍රශ්න දෙක අහන්න ඕන,

ඒ ප්‍රශ්න පද දෙකෙන් එකකට හරි පිළිතුරක් ලැබුණොත් අන්න ඒ පිළිතුර තමයි ඒ වාක්‍යයේ කර්මය(Object) වෙන්නේ.

මේ බලන්න,

🍏1) What -කුමක්ද?
🍏2) Whom- කාටද? / කාවද?

දැන් බලමු උදාහරණයකින් මම ඉහතින් කියපු විදියට Object එක සොයන හැටි.

🍏අම්මා බත් උයනවා
🍎Mother cooks rice.

උයනවා (Cooks) කියන ක්‍රියා පදයෙන් අහනවා “What(කුමක්ද?)” කියලා.
කුමක්ද උයන්නේ? පැහැදිලිවම පිළිතුරක් ලැබෙනවා ‘Rice(බත්)” කියලා.
අන්න ඒ විදියට නැමැති ප්‍රශ්න පදයෙන් වාක්‍යයේ ක්‍රියාව ප්‍රශ්න කළ විට ලැබෙන පිළිතුර අපි ,
🎓'Direct Object' කියල හදුන්වනවා.

තව උදාහරණයක් බලමු,

🍏ඔවුන් මට ගහනවා.
🍎They hit me.

මේ වාක්‍යවේ අපි ‘Hit’ හෙවත් ගහනවා කියන ක්‍රියා පදයෙන් අහල බලමු ‘What’ කියලා. කුමක්ද ගහන්නේ ? පිළිතුරක් ඒකට ලැබෙන්නෙ නැහැ.
ඒ නිසා අපි ඊළග ප්‍රශ්න පදය වන ‘Whom(කාටද)’ දාලා අහලා බලමු.
ගහන්නේ කාටද? එතකොට නම් පිළිතුරක් එනවා ‘Me’ හෙවත් ‘මට’ යනුවෙන්.
ඔයාට පේනවා දැන් මේ වාක්‍යයේ නම් ‘Object’ එක හම්බවුණේ ‘Whom’ නැමැති ප්‍රශ්න පදයෙන් ප්‍රශ්න කළ විට බව.

🎓එවැනි කර්ම පද ව්‍යාකරණ වල දී හදුන්වන්නේ ‘Indirect Object’  කියලයි.

ඒ අනුව වාක්‍යක ඇතුළේ එක්කෝ Direct Object එකක් හෝ Indirect Object එකක් තියෙන්න පුළුවන්.

✅වර්ගය මොක වුණත් ඒවා Object පද තමයි.

ඒ වගේම සමහර වාක්‍ය තියෙනවා එකම වාක්‍ය ඇතුළත Object පද දෙකක් පිහිටනවා. බලන්නකෝ මේ පහත උදාහරණ වාක්‍ය දිහා. object 2 ට වඩා වැඩි ඒවා නම් නෑ.

🍎අම්මා අපිට පොත් දෙනවා.
🍏Mother gives us books.
🍏Mother gives books to us.

🏆ඉහත වාක්‍යයේ ක්‍රියාව තමයි ‘දෙනවා-Give’ කියන එක. Object තියෙද කියලා පරීක්ෂා කරන්න  අපි What දාලා ප්‍රශ්න කළාම ‘දෙන්නේ කුමක්ද?’ Books කියන උත්තරය ලැබෙනවා.

🏆දැන් අපි Whom කියන ප්‍රශ්න පදයෙනුත් නිකමට වගේ ප්‍රශ්න කරලා බැලුවාම අපිට තව පිළිතුරු පදයක් ලැබෙනවා. ‘කාටද දෙන්නේ?’ Us යනුවෙන්.

🏆එතකොට ප්‍රශ්න පද දෙකටම පිළිතුරු වෙන වෙනම ලැබුණා. එතකොට ඔයා අදුන ගන්න ඕන මේ වාක්‍ය ඇතුලේ Object පද 02 ක් තියෙන බව.

දැන් බලමු පද නැති වාක්‍ය මොනවද කියලා,

🍎මම ගෙදර යනවා.
🍏I go home.

මේ වාක්‍යවේ ක්‍රියාව තමයි ‘යනවා’ කියන එක.

👉What දාලා ඇහුවාම - ‘කුමක්ද යන්නේ ?’ නිශ්චිත උත්තරයක් එන්නේ නැහැ.
👉Whom දාලා ඇහුවාම - ‘කාටද යන්නේ?’ ඒත් නිශ්චික උත්තරයක් එන්නෙ නැහැ.

✅ මතක තියා ගන්න කවදාවත් ඔයාට ‘Who, How, where....’ ආදී වෙන වෙන ප්‍රශ්ණ පද යොදාගෙන ක්‍රියාවෙන් ප්‍රශ්න කරන්න තහනම්.

👉හරි, දැන් උඩ වාක්‍යයේ කිසිම Object පදයක් නැහැ.
👉එවැනි වාක්‍ය වලින් කර්මකාරක වාක්‍ය හදන්න බෑ.
👉මොකද ‘කර්ම පදයක්’ නැතුව කර්මකාරක වාක්‍ය හදන්න බෑනේ.

😁ඒක හරියට තේ කුඩු නැතුව තේ හදන්න බැහැ වගෙයි.
😁පළතුරු නැතුව සැලඩ් හදන්න බැහැනේ..

එතකොට Object නැති ඒ වාක්‍යයේ අග තිබ්බ ‘Home’ කියන පදය මොකක්ද ?
🎓අන්න ඒවට කියන්නේ ‘Rest’ කියලයි.

මේ බලන්න නැති තවත් වාක්‍ය ටිකක්.

🍏ඇය දුවනවා.
🍎She runs.
🍏ඔහු සිනාසෙනවා.
🍎He smiles.
🍏ඇය ගගේ පීනනවා.
🍎She swims in the river.
🍏බබා අඩනවා.
🍎The baby cries.

මෙහෙම Object පද නැති වෙන්න හේතුව තමයි මේ වාක්‍ය වල තියෙන ක්‍රියා පද.

Go, Run, Jump, Swim වගේ ක්‍රියා පද වලට කියන්නේ අකර්මක ක්‍රියා හෙවත් Intransitive Verbs කියලයි.

💖ඒ ක්‍රියාපද ලිස්ට් එකක් ඔයාට පස්සේ දාන්නම්.
💖කවදාවත් ඒවයින් කර්මකාරක හෙවත් Passive Voice වාක්‍ය හදන්න බෑ.
💖මොකද ඒ ක්‍රියා පදවලට පිටුපසින් කර්ම පදයක් රැදෙන්නේ නැති හින්දා.


Passive Voice වාක්‍ය හදද්දී කලින්  කිව්වා වගේ ඔයා පද ටික පෙල ගස්වා ගන්න ඕන වෙනවා මේ විදිහට.

Object + am හෝ is හෝ are + Verb past participle + by + Subject.

උදාහරණයක් වශයෙන් ගත්තොත්

🍎අම්මා බත් උයනවා.
🍏Mother cooks rice.

මේක කර්තෘකාරක (active voice ) වාක්‍යයක්.

👉මේකේ වාක්‍ය ආරම්භ වෙන්නේ 'අම්මා' හෙවත් Mother යන පදයෙන්.
👉දැන් මේකේ මුලින්ම කියවෙන්නේ Mother කියන පදයනේ.
👉ඉතින් කර්තෘ පදයට වැඩි වැදගත් කමක් දීල එයාට මුල් තැන දීලා හදන මේ විදියේ වාක්‍ය වලට තමයි කර්තෘකාරක හෙවත් Active Voice වාක්‍ය කියන්නේ.
👉බලන්නකෝ ඒ වාක්‍ය යේ අග ඉන්නේ කවුද කියලා.

'බත්' හෙවත් Rice කියන වචනය තමයි අන්තිමට යොදල තියෙන්නෙ.

👉කර්තෘ කාරක වාක්‍ය වල ලක්ෂණයක් තමයි ඒ. එනම් Object එක හෙවත් කර්ම පදය එතරම් නොවැදගත් ලෙස සලකලා අගට යෙදීම.
👉හැබැයි සමහර අවස්ථා වල දී අපිට සමහර වාක්‍ය කියන්න සහ ලියන්න අවශ්‍ය වෙනව කර්තෘ හෙවත් ක්‍රියාපදය සිද්ධ කරන කෙනෙක් සඳහන් නොවෙන.

මේ බලන්න කෝ,

🎓"මට ගහනවා"
🎓"බත් කනවා"
🎓''අපිට බණිනවා"
🎓"පොතක් දෙනවා''
🎓"ක්‍රිකට් සෙල්ලම් කරනවා" වගේ වාක්‍ය.

ඒවායේ කොතනකවත් ඒ ක්‍රියා සිද්ධ කරපු කෙනෙක් සඳහන් වෙන්නේ නෑ.

මෙන්න මේවා ලස්සණට කියන්නයි ලියන්න යි තමයි ඔයාට මේ අපි අද කියල දෙන Passive Voice ඕන වෙන්නේ.

සෑයු - සිංහල කර්මකාරක නීතී රීති ඔලුවෙන් අයින් කරගෙන මේ වැඩේට බැස්සේ නැත්නම් වැඩේ තේරුම් ගන්න ඔයාට අමාරු වෙයි. ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී ඕනවට වඩා සිංහල ව්‍යාකරණ මත පිහිටා මේවා දිහා බලන්නේ නැත්නම් තමයි හොද.

මම දැන් පහත වාක්‍ය Passive වලට හරවලා සිද්ධ කරන්න යන වැඩේ බලන්නකෝ.

🍎අම්මා බත් උයනවා - කර්තෘ කාරක.
🍏Mother cooks rice.

✅මේක passive කරද්දී මුලින් ම  Object පදය අපි ලියනවා.
✅ඊට පස්සේ එය ඒක වචන එකක් නිසා is දානවා
ඊළඟ ට අපි cook කියන ක්‍රියා පදයේ Past participle ස්වරූපය වන Cooked ලෙස ක්‍රියා පදය ලියා ගන්නවා.
✅අන්තිමට ඔයාට පුළුවන් by යොදලා mother කියන එක අගට ලියන්න.

ඔන්න බලන්න ඒ විදිහට හදපු වාක්‍ය පහතින් දැක්වෙනවා.

🍎බත් උයනවා අම්මා විසින් - කර්ම කාරක.
🍏Rice is cooked by mother.

අපිට ඉතාමත් වැදගත් දෙයක් මේ හදාගත්ත වාක්‍ය ට සිද්ධ කරන්න පුලුවන්.

👉ඔබට අවශ්‍ය නම් මේකේ මේ අගට යොදපු 'අම්මා විසින්' (by mother) කෑල්ල කපලා දාන්න. එතකොට මොකක්ද ඉතිරි වෙන්නේ,

🍎බත් උයනවා.
🍏Rice is cooked.

ඉතාමත් නිවැරදි සහ පිරිසිදුව මේ විදිහට කර්ම කාරක වාක්‍ය වල අගට යෙදෙන කර්තෘ පදය සහ by ඉවත් කරන්න පුලුවන්.

ඊට පස්සේ අපිට පුළුවන් කෙලින්ම ප්‍රශ්ණ සහ නෙගටිව් වාක්‍ය හදා ගන්නත්.

මම මේ ටික නැවත කරලා පෙන්වන්නම්.

🍎අම්මාබත් උයනවා.
✅Mother cooks rice.
🍎බත් උයනවා අම්මා විසින්.
✅Rice is cooked by mother.
🍎බත් උයනවා.
✅Rice is cooked.
🍎බත් උයනවද?
✅Is rice cooked?
🍎බත් උයන්නෙ නැහැ.
✅Rice isn't cooked.
🍎බත් උයන්නේ නැද්ද?
✅Isn't rice cooked?
🍎ඇයි  බත් උයන්නේ?
✅Why is rice cooked.?
🍎ඇයි බත් උයන්නෙ නැත්තේ?
✅Why isn't rice cooked.?
🍎කොහොමදබත් උයන්නෙ?
✅How is rice cooked?
🍎කාත් එක්කද බත් උයන්නෙ?
✅With whom is rice cooked?
🍎මොන වෙලාවට ද බත් උයන්නෙ?
✅At what time is rice cooked?

Why, What, When ආදී පද යොදලා තව තව ලස්සන ට මේ විදිහට තව වාක්‍ය හදන්න පුලුවන්.

තවත් උදාහරණයක් අරගෙන බලමු.

🍎නිමල් ඔයාට ආදරය කරනවා.
✅Nimal loves you.
🍎ඔයාට ආදරය කරනවා නිමල් විසින්.
✅You are loved by Nimal.
🍎ඔයාට ආදරය කරනවා.
✅You are loved.
🍎ඔයාට ආදරය කරනවද?
✅Are you loved.?
🍎ඔයාට ආදරය කරන්නේ නෑ.
✅You are not loved.
🍎ඔයාට ආදරය කරන්නේ නැද්ද?
✅Aren't you loved.?
🍎ඇයි ඔයාට ආදරය කරන්නේ?
✅Why are you loved.?
🍎ඇයි ඔයාට ආදරය කරන්නේ නැත්තේ?
✅Why aren't you loved.?

මේ විදිහට ඕන තරම් හදන්න පුලුවන්.  බලන්න මේක ඔයා සමහර විට කලින් කිසිසේත්ම ඉගෙන ගෙන නැතුවත් ඇති.

කොයි වෙලාවක හරි කාත් එක්ක හරි කථා කර කර ඉද්දී ඔයාට අහන්න ඕනි වුණොත් "ඔයාට ආදරේ කරනවද?" කියලා ඔයා පාවිච්චි කරන්න ඕන Passive Voice තමයි.

ඒනිසා Passive හරියට නොදැන ගත්තොත් ඉංග්‍රීසි වල බොහෝ සුන්දර තැන් අපිට අහිමි වෙනවා.

තව එක වැදගත් දෙයක් කියන්න මේ හදන්නේ.

ඒ තමයි දැන් අපි කිව්වනේ කර්මකාරක වාක්‍ය හදද්දී වාක්‍ය තුළ තිබ්බ කර්තෘ පදය අගට යන බව. අන්න එහෙම අගට යද්දී ,

🎓I තිබ්බොත්  me.
🎓we තිබ්බොත් us.
🎓You තිබ්බොත් you ම තමයි.
🎓They තිබ්බොත් them.
🎓He තිබ්බොත් him
🎓She තිබ්බොත් her.
🎓It තිබ්බොත් it මයි.

මේ වශයෙන් වෙනස් කරල තමයි අගට යොදන්න ඕන.
ඉතා ඕනැකමින් මේක මතක තියාගන්න ඕන.

ඒ වගේම අපි කීවනෙ passive voice බවට හරවද්දී දීල තියෙන වාක්‍යයේ අග තිබ්බ Object(කර්ම) පදය මුළට ගන්නවා කියලා. එතකොටත්,

🏆Me තිබ්බොත් I විදිහට
🏆Us තිබ්බොත් we විදිහට
🏆You නම් You විදිහට ම
🏆Them තිබ්බොත් They විදිහට
🏆Him තිබ්බොත් He විදිහට
🏆Her තිබ්බොත් She විදිහට
🏆It තිබ්බොත් It විදිහට ම අරගෙන තමයි කර්මකාරක වාක්‍යයේ මුලින් ලියන්නේ.

ඔච්චරයි මහ දෙයක් නෑ. දැන් උදාහරණ බලමු

🍎ඔයා පොත් විකුණනව.
🍎You sell books.
🍏පොත් විකුණනව ඔයා විසින්.
🍏Books are sold by you.
🍎ඇය මට ගහනවා
🍎She hits me.
🍏මට ගහනවා ඇය විසින් .
🍏I am hit by her.
🍎මම ඇයට උදව් කරනවා.
🍎I help her.
🍏ඇයට උදව් කරනවා මම විසින්.
🍏She is helped by me.
🍎හැමදාම ඔහු මට බණිනවා
🍎He blames me every day.
🍏මට හැමදාම බණිනවා ඔහු විසින්
🍏I am blamed everyday by him.
🍏I am blamed by him every day.
🍎ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.
🍎You learn English.
🍏ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඔයා විසින්
🍏English is learnt by you.

හරි, හොදට පුහුණු වෙන්න.

මම ඔයාට Home work දෙකක් දෙනවා.

1) ඒ තමයි දැන් මේ දීපු වාක්‍ය 05 අරගෙන by සහ කර්තෘ පදය අයින් කරලා උඩින්ම මම හදපු විදිහට ප්‍රශ්ණ සහ නෙගටිව් වාක්‍ය ද සහිතව වාක්‍ය කට්ටල ටිකක් හදලා ලියලා ඒ කඩදාසි යේ photo 1 අපිට ඒක දාන්න.

අපි හරි වැරදි බලලා එවන්න කටයුතු කරනවා.

2) ඒ වගේම අනුන්ගෙන් නොබලා මේ පහතින් දෙන සිංහල වාක්‍ය ඉංග්‍රීසියෙන් ලියල කොමෙන්ට් විදිහට තනියම දාන්න.

1) මට උදව් කරනවා
2) මට ගහනවා
3) අපේ අම්මට බණිනවා.
4) ඇයි ඇයට ආදරේ කරන්නේ ?
5) ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැද්ද?
6) නිමල් ට දෙනවා
7) කිරි බොන්නෙ නැද්ද?
8) ක්‍රිකට් සෙල්ලම් කරනවද?
9) අඹ විකුණනවා
10) ඇයි මාව තේරුම් ගන්නෙ නැත්තේ ?

ඔයාල හොදට ඉගෙන ගන්න උනන්දු කරන්න තමයි මේ උත්සාහ කරන්නේ.

I am Nuwan Sameera.
My contact number is - 071 2284614
My Facebook Page- https://www.facebook.com/OnlineELessons/

❤පාඩම් වල Grammar 100% ක් නිවැරදි බවට අපි වගකියනවා.
❤ඔබේ යෝජනා දෙන්න අපිට

ඔබට ජය.!


Reported Speech (සම්පූර්ණ පාඩම)




Reported Speech(වාර්තා කථනය).


හැදින්වීම.

✌කෙනෙක් විසින් තව කෙනෙකු හට වෙනත් ස්ථානයකදී පවසන ලද දෙයක් ඔහු හෝ ඇය විසින් වෙනයම් කෙනෙකු හා පැවසීම සඳහා යොදාගනු ලබන රටාව තමයි සරලව මෙහෙම හඳුන්වන්නේ.

✌හරියටම කිව්වොත් ‍ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ක්‍රමයට.

✌ඉංග්‍රීසි ප්‍රවෘත්ති අහලා සහ ඉංග්‍රීසි පත්තර කියවලා තේරුම් ගන්න නම් ඔයාට මේ සම්බන්ධ දැනුමක් තියෙන්නම ඕන.

දෙයක් වාර්තා කරන්නට පුලුවන් ක්‍රම දෙකක් තියනවා එකක් තමයි සෘජු ක්‍රමය (Direct Speech) ඒ කියන්නෙ ඔහු හෝ ඇය කියපු දෙය ඔහුගේ හෝ ඇයගේ ම වචනවලින් කිසිම වෙනසක් නැතුව අපි තව කෙනෙකු හට පවසන ක්‍රමය තමයි සෘජු ක්‍රමය කියලා කියන්නේ.

අනෙක් ක්‍රමය තමයි වක්‍ර ක්‍රමය (Indirect Speech) ඒකෙදි වෙන්නේ ඔහු හෝ ඇය කියපු දෙය අපේ වචන වලින් වෙනස් කරලා තව කෙනෙකු හට ප්‍රකාශ කිරීම.

උදාහරණ 1 (Direct ක්‍රමය)
ඔහු:- "මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා"
මම :- "මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා" කියල ඔහු කීවා.

He- "I learn English"
I   - "I learn English" He said.

ඔය ක්‍රමය හැමතිස්සෙම භාවිතා කරන්න බැරි නිසා අපි indirect speech හෙවත්  වක්‍ර කථන ක්‍රමය භාවිතයට හුරු විය යුතුයි. එහිදී සිදුවන වෙනස්කම් ගණනාවක් තියෙනවා. ඔයා ඒ වෙනස්කම් ගැන හොඳින් අවබෝධ කරගන්න ඕන. එතකොට ඕනම දෙයක් ඔබට indirect speech ක්‍රමය යටතේ පවසන්න පුළුවන්.

ඔහු:- "මමයි මගේ නංගියි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා"
මම-: ඔහු කිව්වා ඔහුයි ඔහුගේ නංගියේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියල.

He-: "I learn English with my sister"
I   -: He said that he learnt English with his sister.

ඔබට පෙනෙනවා ඇති reported speech වලට හරවද්දී යම් යම් පදවල වෙනස්කම් සිදු වෙලා තියෙන බව එහෙම සිදුවෙන වෙනස්කම් මොනවද කියල පිළිවෙලට බලමු.

Tenses වල සිදුවන වෙනස.

❤simple present  - simple past වෙනවා
💓simple past - past perfect වෙනවා
💓Present perfect - past perfect වෙනවා
💓past perfect - past perfect වෙනවා

Time Expressions වල සිදුවන වෙනස.

💛Today - That day
💛Tomorrow- The following day, the next day
💛Yesterday - The previous day, The day before
💛Now - Then
💛Last year - Previous year
💛Last Week - Previous week

අමතර පද වල සිදුවන වෙනස්කම්. 

🍎Shall/will = would
🍎Am/ Is = was
🍎Are = were
🍎was/were= had been
🍎Has / Have = had
🍎Had = had
🍎Can= could
🍎May = might
🍎Here = There
🍎This = That
🍎These = Those

සාමාන්‍ය ප්‍රකාශනයක් හෙවත් Statement එකක් Reported Speech වලින් ලියන්නේ මෙහෙමයි.

1)He-:"I work hard"
He said that he worked hard.

මෙසේ Report කිරීමේ දී  Reporting Verb විදිහට වැඩි පුරම භාවිත කරන්නේ Said සහ told යන පදයි.

2) "I don't come to your home again"
He said that he didn't come to my home again.

3) He-: "She loved me"
He said that she had loved him.

4) He-: "I will sell this car tomorrow"
He said that he would sell that car the following day.

5) He-: "Your parents love me"
He said that my parents loved him.

මේ විදිහට තමා සාමාන්‍ය statements වක්‍ර කථන ආකාරයට ලියන්නේ.

Question එකක් කොහොමද Report කරන්නේ. 

ප්‍රශ්න reported speech වලින් ලිවීමේදී අපගේ පහසුව සඳහා ඉංග්‍රීසි භාෂාවේ ඇති ප්‍රශ්න වර්ග දෙකක් යටතේ සලකා බලන්න ඕන.

👉පළමුවැන්න WH  පද සහිත ප්‍රශ්න.
👉දෙක පිළිතුර ලෙස yes  හෝ No යන පද ලැබෙන ප්‍රශ්න.

මෙහිදී Reporting Verb එක වශයෙන් Asked යන පදය බහුලව යෙදේ. එසේම  that නොයොදයි.

Wh පද සහිත ප්‍රශ්න Report කිරීම.

example.

1)    He- "What is your name?"
       He asked what my mama was.

2) He - "Why do you love me?"
     He asked why I had loved him.

3) He- " Where do you live? "
    He asked where I lived.

4) He- " When is your Birthday? "
    He asked when my birthday was.

5 He- "How did you leave me"?
   He asked how I had left him.


Yes හෝ No යන පද දෙකෙන් එකක් පිලිතුර ලෙසින් ලැබෙන ප්‍රශ්ණ Report කිරීම. 

මෙහිදී අමතර පද ලෙස if හෝ whether යොදා ගැනීම අනිවාර්ය වේ.

Examples

1) He- ''Are you hungry ?"
     He asked if I were hungry

2) He - "Do you like me?"
    He asked if I liked him.

3) He- " Is this a pen ?"
     He asked if it was a pen.

පාඩම සරලව කීවේ. වැඩිපුර දේවල් Online class එකේ දී පැහැදිලි කරන්නම්. 
අකුරක් අකුරක් ගානේ මගේ දැනුමෙන් මහන්සියෙන් ටයිප් කරල  මේව හදන්නේ අපේ students ලා ට.
ඔබට ජය.

මම - නුවන් සමීර
076-6620218.

මේ පාඩම 9-10-11 වසර වලට නියමිත එකක්.