11 English පළමු පාඩම සම්පූර්ණ සිංහල පරිවර්තනය.

OUR RESPONSIBILITIES (අපේ වගකීම්.)

විකුම්  සහ චමිඳු පාසලට යන අතර තුර බස් රථයේ දී මුණ ගැසෙනවා.

විකුම් :- සුභ උදෑසනක් චමිඳු අද බස් එකේ සෙනඟ පිරිලා මට දෙන්න ඔයාගේ පාසල් බෑගය නැත්තං ඔයා මෙතැනින් වාඩි වෙන්න. 

චමිදු:- සුභ උදෑසනක් බොහොම ස්තූතියි විකුම්. ගොඩක් දුර නෑනේ මගේ බෑග් එක තියාගන්න.

විකුම් :-  ෂුවර්. ඒක නෙමෙයි ලබන සතියේ තියෙන විවාදයට කරුණු හොයා ගන්න ඔයාට පුළුවන් වුණාද ?.

චමිදු:- ඔව් මම ගමේ පුස්තකාලෙට යන්නයි හිතන් ඉන්නේ තව පොත් ටිකක් පරිශීලනය කරන්න.

විකුම් :- "නීතියෙන් විතරක් විනය කියන දේ ඉටු කරගන්නට බැහැ " කියන මාතෘකාව යෝජනා කරන්යි අපිට තියෙන්නෙ.

චමිදු :- මං ඒ ගැන ලිපි ටිකක් කියවලා තියෙනවා මගේ සහෝදරියත් අන්තර්ජාලයෙන් ලිපි කිහිපයක් ඩවුන්ලෝඩ් කරලයි තියෙන්නේ. ඒක නං හරිම සිත්ගන්නා මාතෘකාවක් එහෙම නේද?.

විකුම් :- ඔව් අනිවාර්යෙන්ම අපේ අම්මා නම් කියන්නේ ඒක හැම ඉස්කෝලේ ළමයෙක්ම දැනුවත් කළ යුතු කාලෝචිත මාතෘකාවක් කියලයි.

චමිදු -: මමත් එහෙම හිතනවා නීතිරීතිවලින් විතරක් විනය කියන දේ පනවන්න බැහැ. ඒක නං සිත්ගන්නාසුළු විවාදයක් වේවි.

 විකුම්:- හ්ම්ම්ම්... ඒක සිත්ගන්නා මාතෘකාවක් වේවි.

චමිදු :- මගේ සහෝදරියගේ ලිපි එකතුව තුල තියෙනවා "නාශක වාදය" පිළිබඳව ලිපියක්.

විකුම් :- ඒ මොකක්ද ඒ ?. මං කවදාවත් මීට කළින් ඒ වචනේ අහලා නෑ. ඔයාට පුලුවන්ද කරුණාකරලා ඒ වචනය ආයෙමත් පුනරුච්චාරණය කරන්න.?

චමිදු :- van-da-lism . අපි මගේ සහෝදරියගේ ලිපි කියවමු ඒ වගේම ඉස්කෝලේ තියෙයි ගැන වැඩිදුර සාකච්ඡා කරමු.

විකුම් :- ඔව් ඔන්න ගර්භනී මාතාවක් එනවා මං මගේ ආසනය ඇයට දෙන්නම්.
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

VANDALISM (නාශකවාදය)

නාශක වාදය යනු යම් අයෙක් හිතාමතාම අවසරයකින් තොරව වෙනත් අයෙකුගේ දේපලක් විනාශ කිරීම, වෙනස් කිරීම හෝ විකෘති කිරීම තුළින්  පැනනඟින වරදකි. 
එහිදී බොහෝවිට ඉලක්ක වනුයේ පොදු ප්‍රවාහන සේවා, බස් නැවතුම්, උද්‍යාන ,මාර්ග සංඥා සහ වෙනත් පොදු ස්ථාන වැනි පොදු දේපළ යි.

පුද්ගලයෙකුගේ වෙබ් අඩවියේ තොරතුරු විකෘති කිරීම හෝ යමෙකුගේ මෝටර් රථය සීරීම ආදී වශයෙන් තනි පුද්ගල කටයුතු මට්ටමින් ද එය හට ගත හැකිය.

බොහෝ හේතු කාරණා අතරෙන් පුද්ගල ආකල්ප සහ මූලික සමාජ ප්‍රශ්න ආදිය නාශක වාදයෙහි මූලයෙහි පවතී. අර්ථාන්විත ක්‍රියාකාරකම් වල අඩුව, විනය සම්බන්ධ ගැටලු සහ පළිගැනීම, නුරුස්නා බව, කෝපය සහ පීඩිත භාවය වැනි සෘණාත්මක හැඟීම් හේතුවෙන් එය හට ගත හැකිය.

එසේම එය සමවයස් කණ්ඩායම් ප්‍රීතිය, කෙළිලොල් බව, කුතුහලය සහ විනෝදය ආදියේත් ප්‍රතිඵලයක් විය හැකිය. බොහෝ නාශක වාදීන් හට ඔවුන්ගේ කටයුතු සඳහා පැහැදිලි පෙළඹවීමක් නොමැත. එසේම එය විනෝදයට කරන දෙයක් හෝ කලාවක් වශයෙන් ද ඔවුන් විසින් සැලකීමට ඉඩ තිබේ. කොහොම උනත් සිරදඩුවම්, මූල්‍යමය දඩ හෝ නාශක වාදය වැළැක්වීමට රටක පවතින නීතියට අනුව ඒ දෙකම ද හිමිවන දඩුවම් ලැබිය හැකි වරදකි. 

නාශක වාදයෙහි ඇතැම් විපාක නොවැදගත් ලෙස සැලකෙන අතර තවත් ඒවා අතිශයින්ම  (තදබල) භයානක ඒවා ලෙස සැලකෙයි. කෙසේ වුවද කොහොම කොහොම හරි ඒක හැම කෙනාටම බලපාන ප්‍රශ්නයකි. (03-Page).

ඒකෙන් කෙනකුගේ පවුලට, යාලුවන්ට සහ ජනසමාජයට බලපෑම් කෙරෙන්න පුළුවන්. උද්‍යාන, පොදු විවේකාගාර, පොදු ප්‍රවාහන සේවා වැනි පහසුකම් විනාශ කළ විට එම ස්ථාන භාවිතා කිරීම අප්‍රසන්න වෙනවා ඒ වගේම අපිරිසිදු වෙනවා. නාශක වාදයේ ප්‍රතිඵලයක් වශයෙන් ගොඩගැහෙන වැඩ ගොඩ නිසා ගිනි නිවීමේ සහ හදිසි සේවාවන් කාර්යබහුල වෙනවා. රටක පුරවැසියන් බදු ගෙවන්නේ අනාගත පරම්පරාව වෙනුවෙන් යහපත් ජනසමාජයක් ගොඩනගන්නයි. නමුත් පොදු දේපළ විනාශ කළ විට ඔවුන්ට තමයි සිද්ධවෙන්නේ මේ හානිය සඳහා වන්දි ගෙවන්න. 

නාශක වාදය  වලක්වන්නට ගත හැකි විවිධාකාර වෙනස් ප්‍රවේශයන් තියෙනවා.  තනි තනි පුද්ගලයන් ව දැනුවත් කිරීමෙන් එය කළ හැකියි. විශේෂයෙන්ම එහි ප්‍රතිවිපාක සහ ස්වභාවය පිළිබඳව තරුණ පිරිස දැනුම්වත් කිරීමෙන්. නාශක වාදය වළක්වාගත හැකි වෙනත් ආකාරයක් වන්නේ පිරිසිදු කිරීම පහසු වන ceramic tiles වැනි ඩිසයින් තාප්ප (බිත්ති) මත යොදාගැනීමයි. තවදුරටත් කුරුටු බලි ලිවීම අපහසු වන රළු මතුපිටවල් යෙදීම මගින් පොදු ස්ථානවල නාශක වාදී චර්යා අඩු කෙරගත හැකියි. නාශක වාදය අඩුකිරිමට අත්‍යවශ්‍ය ප්‍රවේශයක් වන්නේ දේපලක තත්ත්වය නිතිපතා නිරීක්ෂණය කිරීමයි. 
අධ්‍යනයන් මගින් හෙළි කෙරෙනුයේ සමාජය හෝ ජන කොට්ඨාසය මගින් ඔවුන් අත්හැර දමා ඇති බවට මිනිසුන් හිතන විට නාශක වාදය සිදුකරන සෑම වයස් කාණ්ඩයකට අයත් තනි තනි පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යන බවයි. මෙසේ හෙයින් පොදු ක්‍රියාකාරකම් වලට එක්වීම තුළින් ඔවුන්ගේ  ජන කණ්ඩායම පිළිබඳව ධනාත්මකව සිතන්නටත් ගරු කරන්නටත් උපකාරීවන 'අයත් බවට වන හැඟීම'(Sense of belong) සහ සාඩම්බරත්වය දිරිමත් කළ හැකිය. සෑම අයෙකුම පුරවැසියකුගේ වගකීම් සහ කාර්යභාරයන් අවබෝධ කරගත යුතුය. එසේම හරි මොකක්ද වැරදි මොකක්ද යන්න තීරණය කිරීමට හැකි විය යුතුය. එම නිසා නීති රීති වලට වඩා ස්වයං විනය නාශක වාදය වැළැක්වීමේදී විශාල භූමිකාවක් රඟ දක්වයි. (04 Page)

💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

Activity 10. (Page 09)
Sara විසින් ඇයගේ යෙහෙළිය වන කලනි වෙත ලියන ලද පහත ලිපිය කියවා වගුව පුරවන්න.

අංක 18,
වැව පාර,
පන්නිපිටිය. 

2016 ජනවාරි 27.
දයාබර කලණි, 

 ඔයාට කොහොමද?. මම බලාපොරොත්තු වෙනවා ඔයා හොදින් ඇති කියලා. ඔයා එවපු උපන්දින කාඩ් එකටත් ලිපියටත් බොහොම ස්තූතියි. තැපැල්කරු භාර දෙන කොටත් මම ඔයාගෙන් ලිවුමක් එනකං බලාගෙනයි හිටියෙ.  ඒක වේලපු මල් වලිනුයි කොළවලිනුයි හදාපු අපි හැමෝම අගය කරපු ලස්සන කාඩ්පතක්. 
ඔයා ලියුමේ සඳහන් කරපු විදියටම මම දැන් වයස අවුරුද්දකින් වැඩිමහල්. අපිට සීරියස් විදියට හිතන්නත් අනාගතය සැලසුම් කරන්නටත් සිද්ධවෙනවා කියන එකට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. අපිට අපේ ජීවිතවල වගකීම  ගන්න සිද්ධ වෙනවා.

කලනි, මම මගේ උපන්දිනේ සැමරුවේ කොහොමද කියලා ඔයාට කියන්නම්. මගේ උපන් දිනේ දවසේ ගමේ පුස්තකාලයට පොත් ටිකක් පරිත්‍යාග කළා. මගේ දෙමව්පියොත් කිව්වා එක හරිම යහපත් වැඩක් කියලා. ඔහු මේක සංවිධානය කරන්න සතියකට කලින් මගේ තාත්තා පුස්තකාලය බලන්න ගිහිල්ලා තිබුණා.  ඒගොල්ලොන්ට අවශ්‍ය පොත් ලැයිස්තුවක් අපිට දුන්නා. ඇත්තටම පුස්තකාලය සඳහා එම පොත් බලාපොරොත්තුවෙන් පුස්තකාලයාධිපති තුමා බොහෝ කාලයක් පුරා බලාගෙන ඉඳලා තිබුණා. ඒවායින් ටිකක් දුන්න එකට අපි සතුටු වුණා. මම මගේ අම්මත් එක්ක ගියා පොත් මිලට ගන්න. මගේ උපන්දිනේ දවසේ උදේ අපි පල්ලියට ගියා. ඊට පස්සේ පුස්තකාලයට පොත් දුන්නා. මේ අවුරුද්දේ මගේ උපන්දිනයට ප්‍රයෝජනවත් වැඩක් කළ නිසා මට සතුට දැණුනා. ඔයා දන්නවද මගේ සහෝදරයාත් මේ වගේම සැලසුමක් ඔහුගේ උපන්දිනයට දැනටමත් සැලසුම් කරලයි ඉන්නේ.

ඉතිං කලනි, ඔයාට කොහොමද? ඔයා නුවරඑළියෙ හොඳ කාලයක් ගත කරනවා කියලයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔයාගෙන්  ඉක්මනින්ම තොරතුරක් අහන්න බලාපොරොත්තු වෙනවා.  ඔයාගේ දෙමව්පියන්ට මතක් කරා කියන්න.

ඔබට සුභ පැතුම්.
මීට ෆාරා.
(Page 10)

🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎
11 වසර අච්චු පොතේ පළමු පාඩමේ එන ප්‍රධානතම ඡේද කොටස් 3 ම මේ විදිහට සිංහල පරිවර්තනය කළා වගේ මුලු පොතේම පාඩම් පරිවර්තනය කරනවා.  ලබන අවුරුද්දේ O/L (2020) පවර සහ ජයමග ආයතන වල දරුවන්ට තමන්ගේ අච්චු පොතේ පරිපූර්ණ සිංහල පරිවර්තනය මුද්‍රණය කරලා දෙනවා. ඒකෙන් පාඩම පිළිබඳව අවබෝධය වැඩියෙන් ලැබෙනවා. 

ඉතින් ඔබට ජය. !!!!!

- මම 👉 නුවන් සමීර 

No comments:

Post a Comment