If Clause හෙවත් Conditionals පිළිබඳ සාකච්ඡා කිරීමේදී බොහෝදෙනෙකු මෙය පටලවා ගන්න බවක් පෙනෙනවා මේක ඉංග්‍රීසි භාෂාවෙ තියෙන වැදගත්ම cojunction පදයක් ඒවගේම වැදගත්ම ව්‍යාකරණ ප්‍රභේදයක්.
ඉතින් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නයි මේ සූදානම.
11 වසරේ අන්තිම පාඩම වශයෙන් පවතින්නේ ද මෙම පාඩම යි. ඒ වගේම 10 වසරේ දී ද මෙම පාඩම තෙවන වාරයට අනිවාර්ය එකකි.
මුලින්ම බලමු conditionals හෙවත් කොන්දේසි වැකි කියන දෙයෙහි අර්ථය. කොන්දේසියක් කියලා කියන්නේ "ඒක වුනොත් මේක වෙනවා" ආදී වශයෙන් එකක් සිදුවූවොත් අනෙක සිදුවනවා යැයි හැගෙන වර්ගයේ වාක්‍යය වලට.
''නිමල් මට උදව් කරනවා නම් මමත් නිමල්ට උදව් කරනවා"
දැන් මේ වාක්‍යයේ නිමල් නැමැති පුද්ගලයා 'මට' උදව් කළොත් පමණයි 'මම' ඔහුට උදව් කරන්නේ. ඒ කියන්නෙ නිමල් මට උදව් කළේ නැතොත් මම උදව් කරන්නේ නෑ. එහෙම නම් නිමල් මට උදව් කරනවා යන කොන්දේසිය මත තමයි මම ඔහුට උදව් කිරීම තීරණය වන්නේ ඉතින් සරලවම ගත්තොත් ඔන්න ඕක තමයි කොන්දේසි වැකි කියලා හෙවත් Conditionals කියන්නේ.
If (ඉෆ් = නම්) වල ප්‍රභේද තුනක් මූලික වශයෙන් පවතිනවා.
1) If type one. (possible situations)
යමක් සිදුවන සම්භාවිතාව ඉතා ඉහළ අවස්ථාවලදී භාවිතා කරනු ලබන්නේ මෙම රටාවයි.
මේවා ලියද්දී වාක්‍ය දෙකේ පද ගලපන ආකාරය මෙහෙමයි. ඔයාට අවශ්‍යයි නම් if clause එක අගට යොදන්නත් පුළුවන් එවිට වාක්‍ය මැද කොමාවක් යෙදෙන්නේ නැහැ.
If+Subject+Verb+Object, subject + Verb + Object.
උදාහරණ-
1) "ඔයා මහන්සි වෙලා වැඩ කරොත් ඔයා විභාගය සමත් වේවි"
If you work hard, you will pass the exam.
You will pass the exam if you work hard.
2) " ඇය අම්මට උදවු කළොත් ඇගේ අම්මා සතුටු වේවි"
If she helps mother, her mother will be happy.
Her mother will be happy if she helps mother.
3) " ඔයා මගේ දෙමව්පියන්ට කතා කරනවා නම් මට හෙට එන්න පුළුවන්"
If you talk to my parents, I can come tomorrow.
I can come tomorrow if you talk to my parents.
4) '' ඇය මට උදව් කරනවා නම් මමත් ඇයට උදව් කරනවා"
If she helps me, I also help her.
I also help her if she helps me.
5) " ඔයා උත්සාහ කළොත් ඔයාට දිනන්න පුළුවන්"
If you try, you can win.
You can win if you try.
2) If type two. (imaginary situations)
මෙම රටාව භාවිතා කරන්නේ සැබෑ ලෝකයේ දී සිද්ධ වීමේ සම්භාවිතාව ඉතාම අඩු වර්ගයේ වාක්‍ය පවසන්නයි. එහෙමත් නැත්නම් හිතින් මවා ගත්ත දේවල් කොන්දේසි වැකි වශයෙන් පවසන්න තමයි මෙම රටාව දාගන්නේ.
මෙවැනි වාක්‍ය වලට උදාහරණ තමයි මේ.
🍎"අයිශ්වර්යා රායි මට කැමතිනම් මම ඇය කසාද බඳිනවා"
🍎" ප්රභාකරන් මට හමූවුනොතින් මම ඔහුව නැවත මරනවා"
🍎" ඔයා මගේ සහෝදරිය උනානං මං ඔයාව පරිස්සම් කරනවා"
🍎" මම කුරුල්ලෙක් උනානං මම ලෝකෙ වටේ පියාඹනවා"
🍎" ඔහු බල්ලෙක් උනානං මං ඔහුට ගහනවා"
🍎" ඇය මගේ පෙම්වතිය වුනානම් මම ඇයගේ දෙමව්පියන්ට කතා කරනවා"
මෙතැනදි වැදගත් වෙන්නේ ඉහතින් දෙන ලද සැම වාක්‍යක් ම පාහේ ප්‍රායෝගික ලෝකයේදී සිද්ධ වෙන්න තියෙන හැකියාව ඉතාම අල්ප බව. එහෙමත් නැත්තං සිද්ධ වෙන්නම බැහැ කියන එක. ඔයා ඒක සාමාන්‍ය දැනීමෙන් අවබෝධකරගත යුතුයි. එහෙම නැතුව මෙම දෙවන රටාව යොදාගන්න ඔබට අසීරු වේවි ඔබ ඒ දේ මතක තියාගන්න ඕනේ.
මෙහිදී වාක්‍ය දෙකේ පද පෙළ ගැහෙන්නේ පහත පරිදියි.
If+Subject+Verb Simple past+Object, Subject + Would + Verb + Object
දැන් ඉහත සිංහලෙන් දක්වපු වාක්‍ය ටික ඉංග්‍රීසියෙන් ලියල බලමු.
1)If Aishwarya Rai liked me, I would marry her.
2)If I met Prabhakaran, I would kill him again.
3) If you were my sister, I would protect you.
4) If I were a bird, I would fly around the world.
5) If he were a dog, I would hit him.
6) If she were my girlfriend, I would talk to her parents.
* සැ.යු - was වෙනුවට were යෙදීම තමයි සාම්ප්‍රදායිකව පැවතෙන ක්‍රමය. I එක්ක අතීත කාලයේදී were යෙදෙන එකම අවස්ථාව ද මේක.
3 ) If type three. (impossible situations)
මේකට සමහරු කියන්නෙ if අතීත කාලය තුළ භාවිත කිරීම කියලයි.
වාක්‍ය දෙක එකට පුරුද්දන රටාව තමයි මේ,
If+Subject+had+V.pp+Object, Subject + Would have+ V.pp+ Object
උදාහරණ-
👉 ඊයේ ආවනං මට තිබුණා ඔයාට උදව් කරන්න.
If you had come yesterday, I would have helped you.
👉 එදා අම්මා බත් ඉව්වා නම් අපිට තිබුණා බත් කන්න.
If mother had cooked rice that day, we would have eaten rice.
👉ඔයා එදා මට වචනයක් දුන්න නං මට තිබුණා ඔයාව බඳින්න .
If you had given me a word, I would have married you.
👉මම හොඳින් ඉංග්‍රීසි ඉගෙන ගත්ත නම් මට විභාගය සමත් වෙන්න තිබුණා.
Of I had learnt English well, I would have passed the exam.
👉අපි අපේ දෙමව්පියන්ට සැලකුවා නම් අද අපිට සතුටු වෙන්න තිබුණා.
If we had helped our parents, we would have been happy.
👉ඔහු දුම්පානය නොකළ නම් අද පවා ජීවත් වෙන්න තිබුණා
If he hadn't smoked, he would have lived even today.
මේ දක්වලා තියෙන එක වාක්‍යයක්වත් ඉතිහාසයෙදි සිදුවෙලා ඉවරයි. එහෙම නැත්නම් අතීත කාලයේදී සිදුවෙලා ඉවරයි. එහි ප්‍රතිඵලය දැන් ඔබටවත් මටවත් වෙනස් කරන්න බැහැ. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම අපේ ජීවිතයේදී හම්බවෙනවා අපි ඒව කියන්න ඕන උනාම ඒව ලියන්න ඕන උනාම භාවිත කළ යුතු වන්නේ මේ තෙවන රටාව.
ඉතින් මම හිතනවා ඔබට මේ පාඩම ඉතාම නිවැරදිව, සැහැල්ලුවෙන් තේරුම් ගන්න පුළුවන් වුණා කියලා.
හොඳයි නම් comment එකක් දාලා යන්න ඔයාට තියෙන ප්‍රශ්නත් කමෙන්ට් කරන්න. යාලුවන්වත් දැනුවත් කරන්න මම මේක කරන්නේ සේවයක් විදිහට.
ඔයා හොඳට ඉගෙන ගන්න. ඔබට ජය.!!!
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
මම - නුවන් සමීර
Supiri sir...👍
ReplyDelete👍👍
ReplyDeletethank you
ReplyDeleteReally satisfied with your tutorial...
ReplyDelete❤️
ReplyDeleteThnks sir............
ReplyDeleteSir he,she,it kiyana singular pronouns ha singular nouns waladi was wenuwata were yodanna puluwanda
ReplyDeleteYes. If type 2 waladi 'were'danna puluwan.
DeleteExamples-
If Nimali were my sister, I woul help her.
නිමාලි මගේ සහෝදරිය වුණා නම් මම ඇයට උදව් කරනවා
Grate work sir .my congratulations .
ReplyDeleteGrate work sir .my congratulations .
ReplyDeleteGrate work sir .my congratulations .
ReplyDelete