Reported Speech (සම්පූර්ණ පාඩම)




Reported Speech(වාර්තා කථනය).


හැදින්වීම.

✌කෙනෙක් විසින් තව කෙනෙකු හට වෙනත් ස්ථානයකදී පවසන ලද දෙයක් ඔහු හෝ ඇය විසින් වෙනයම් කෙනෙකු හා පැවසීම සඳහා යොදාගනු ලබන රටාව තමයි සරලව මෙහෙම හඳුන්වන්නේ.

✌හරියටම කිව්වොත් ‍ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ක්‍රමයට.

✌ඉංග්‍රීසි ප්‍රවෘත්ති අහලා සහ ඉංග්‍රීසි පත්තර කියවලා තේරුම් ගන්න නම් ඔයාට මේ සම්බන්ධ දැනුමක් තියෙන්නම ඕන.

දෙයක් වාර්තා කරන්නට පුලුවන් ක්‍රම දෙකක් තියනවා එකක් තමයි සෘජු ක්‍රමය (Direct Speech) ඒ කියන්නෙ ඔහු හෝ ඇය කියපු දෙය ඔහුගේ හෝ ඇයගේ ම වචනවලින් කිසිම වෙනසක් නැතුව අපි තව කෙනෙකු හට පවසන ක්‍රමය තමයි සෘජු ක්‍රමය කියලා කියන්නේ.

අනෙක් ක්‍රමය තමයි වක්‍ර ක්‍රමය (Indirect Speech) ඒකෙදි වෙන්නේ ඔහු හෝ ඇය කියපු දෙය අපේ වචන වලින් වෙනස් කරලා තව කෙනෙකු හට ප්‍රකාශ කිරීම.

උදාහරණ 1 (Direct ක්‍රමය)
ඔහු:- "මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා"
මම :- "මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා" කියල ඔහු කීවා.

He- "I learn English"
I   - "I learn English" He said.

ඔය ක්‍රමය හැමතිස්සෙම භාවිතා කරන්න බැරි නිසා අපි indirect speech හෙවත්  වක්‍ර කථන ක්‍රමය භාවිතයට හුරු විය යුතුයි. එහිදී සිදුවන වෙනස්කම් ගණනාවක් තියෙනවා. ඔයා ඒ වෙනස්කම් ගැන හොඳින් අවබෝධ කරගන්න ඕන. එතකොට ඕනම දෙයක් ඔබට indirect speech ක්‍රමය යටතේ පවසන්න පුළුවන්.

ඔහු:- "මමයි මගේ නංගියි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා"
මම-: ඔහු කිව්වා ඔහුයි ඔහුගේ නංගියේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියල.

He-: "I learn English with my sister"
I   -: He said that he learnt English with his sister.

ඔබට පෙනෙනවා ඇති reported speech වලට හරවද්දී යම් යම් පදවල වෙනස්කම් සිදු වෙලා තියෙන බව එහෙම සිදුවෙන වෙනස්කම් මොනවද කියල පිළිවෙලට බලමු.

Tenses වල සිදුවන වෙනස.

❤simple present  - simple past වෙනවා
💓simple past - past perfect වෙනවා
💓Present perfect - past perfect වෙනවා
💓past perfect - past perfect වෙනවා

Time Expressions වල සිදුවන වෙනස.

💛Today - That day
💛Tomorrow- The following day, the next day
💛Yesterday - The previous day, The day before
💛Now - Then
💛Last year - Previous year
💛Last Week - Previous week

අමතර පද වල සිදුවන වෙනස්කම්. 

🍎Shall/will = would
🍎Am/ Is = was
🍎Are = were
🍎was/were= had been
🍎Has / Have = had
🍎Had = had
🍎Can= could
🍎May = might
🍎Here = There
🍎This = That
🍎These = Those

සාමාන්‍ය ප්‍රකාශනයක් හෙවත් Statement එකක් Reported Speech වලින් ලියන්නේ මෙහෙමයි.

1)He-:"I work hard"
He said that he worked hard.

මෙසේ Report කිරීමේ දී  Reporting Verb විදිහට වැඩි පුරම භාවිත කරන්නේ Said සහ told යන පදයි.

2) "I don't come to your home again"
He said that he didn't come to my home again.

3) He-: "She loved me"
He said that she had loved him.

4) He-: "I will sell this car tomorrow"
He said that he would sell that car the following day.

5) He-: "Your parents love me"
He said that my parents loved him.

මේ විදිහට තමා සාමාන්‍ය statements වක්‍ර කථන ආකාරයට ලියන්නේ.

Question එකක් කොහොමද Report කරන්නේ. 

ප්‍රශ්න reported speech වලින් ලිවීමේදී අපගේ පහසුව සඳහා ඉංග්‍රීසි භාෂාවේ ඇති ප්‍රශ්න වර්ග දෙකක් යටතේ සලකා බලන්න ඕන.

👉පළමුවැන්න WH  පද සහිත ප්‍රශ්න.
👉දෙක පිළිතුර ලෙස yes  හෝ No යන පද ලැබෙන ප්‍රශ්න.

මෙහිදී Reporting Verb එක වශයෙන් Asked යන පදය බහුලව යෙදේ. එසේම  that නොයොදයි.

Wh පද සහිත ප්‍රශ්න Report කිරීම.

example.

1)    He- "What is your name?"
       He asked what my mama was.

2) He - "Why do you love me?"
     He asked why I had loved him.

3) He- " Where do you live? "
    He asked where I lived.

4) He- " When is your Birthday? "
    He asked when my birthday was.

5 He- "How did you leave me"?
   He asked how I had left him.


Yes හෝ No යන පද දෙකෙන් එකක් පිලිතුර ලෙසින් ලැබෙන ප්‍රශ්ණ Report කිරීම. 

මෙහිදී අමතර පද ලෙස if හෝ whether යොදා ගැනීම අනිවාර්ය වේ.

Examples

1) He- ''Are you hungry ?"
     He asked if I were hungry

2) He - "Do you like me?"
    He asked if I liked him.

3) He- " Is this a pen ?"
     He asked if it was a pen.

පාඩම සරලව කීවේ. වැඩිපුර දේවල් Online class එකේ දී පැහැදිලි කරන්නම්. 
අකුරක් අකුරක් ගානේ මගේ දැනුමෙන් මහන්සියෙන් ටයිප් කරල  මේව හදන්නේ අපේ students ලා ට.
ඔබට ජය.

මම - නුවන් සමීර
076-6620218.

මේ පාඩම 9-10-11 වසර වලට නියමිත එකක්.

SUCCESS (සාර්ථකත්වය) පාඩමේ ACTIVITIES.


මේ පාඩමේ තියෙන ක්‍රියාකාරකම් සඳහා විසඳුම් පහත පරිදි ඔබට සිදුකරගන්න පුළුවන් කිසිම වෙලාවක ඔබ උත්සාහ නොකර මම ලබාදෙන මෙම පිළිතුරු විතරක් ලිවීමට හුරු වන්නට එපා මොකද එහෙම වුනොත් ඔබේ දැනුම වැඩි වෙන්නේ නැහැ මම මේක කරන්නේ ඔබ ලියන පිළිතුරු ඔබට තනිවම පරීක්ෂාකර ඒවා නිවැරදිද වැරදිද යන්න චෙක් කර ගැනීම සඳහා පමණයි එහෙනම් අපි පාඩමට බහිමු.
මේ 10 වසර පොතේ 122 පිටුවේ එන Activity එකක්.
Add caption
පළමුව අපි දී ඇති ප්‍රකාශනවල සිංහල තේරුම සරලව විමසා බලමු.

1) "ඔලිම්පික් ක්‍රීඩාවේ අරමුණ ජයග්‍රහණය කිරීම ම නෙමෙයි ඉතින් මම මීටර් දහදාහ ඉසව්ව සඳහා සහභාගි වෙන්නට එහි පැමිණියා ඒ වගේම මම මගේ වට සංඛ්‍යාව අවසන් කළා"
-ආර්.කරුණානන්ද 

2) ''සාර්ථකත්වය යනු අවසානය නොවේ එසේම අසාර්ථක වීම මාරාන්තික ද නොවේ අවශ්‍ය යනු වන්නේ ධෛර්යය පවත්වාගෙන යාමයි"
-වින්සන් චර්චිල් (බ්‍රිතාන්‍ය අගමැති)

3)" අවශ්‍ය ප්‍රමාණයට යමකට ඇලී ගැලී සිටිනවා නම් අපිට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක"
-හෙලන් කෙලර් 

4" සාර්ථකත්වය සඳහා රහස් නොමැත, එය වූ කලී අසාර්ථක වීම තුලින් ඉගෙනීම, මහන්සි වී වැඩ කිරීම සහ සූදානම ආදියෙහි ප්‍රතිඵලයයි. 
-කොලීන් පවෙල් 

5)" උත්සහ කරන්නා හට සිදුකිරීමට නොහැකි යැයි කියා කිසිවක් නොමැත"
-මහා ඇලෙක්සැන්ඩර් රජතුමා 

6) " අපගේ දැවැන්තම වරද සැඟව පවතිනුයේ දේවල් සිදු නොකොට අත්හැරදැමීම තුළය, සාර්ථකත්වය කරා වන වඩාත් නියත මාවත වනුයේ නිරන්තරයෙන්ම තවත් එක්වරක් හෝ උත්සාහ දැරීම තුළයි."
- තෝමස් අල්වා එඩිසන්.

7)" ජීවත් වන්න හෙට දිනයේදී ඔබ මිය යා හැකි යැයි සිතා , එසේම ඉගෙන ගන්න ඔබ සදාකල් ජීවත් වන්නේ යැයි සිතා."
_ගාන්ධි තුමා.

☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺
ඉහත ප්‍රකාශ 7 ආශ්‍රයෙන් සා ඇති ප්‍රශ්න වලට පිළිතුරු පහත පරිදි විය යුතුයි.

Activity 02

Now match the sayings with their general meanings. ( දැන් එම ප්‍රකාශන ඒවායේ සාමාන්‍ය අර්ථය සමඟ ගළපන්න)

a) You have to work hard to be successful.
( සාර්ථක වෙන්න නම් ඔබට මහන්සිවෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා)

b) Anything can be done if you try your best.
( ඔබට පුලුවන් උපරිමයෙන් මහන්සි වෙනවා නම් ඕනෑම දෙයක් කළ හැකියි)

c) You will be successful if you learn from your mistakes.
( ඔබ ඔබේ අත්වැරදීම්වලින් ඉගෙන ගන්නවනම් ඔබට සාර්ථක විය හැකියි)

d) You must never give up on your goal until you reach it.
( ඔබ ඔබේ සාර්ථකත්වයේ අරමුණ කරා ළඟා වනතුරු කිසිදිනක එය අත් නොහළ යුතුය)

e) What is important is not how long you will live but how much you will 
learn.
( වඩා වැදගත් වනුයේ ඔබ කොපමණ කලක් ජීවත් වන්නේ ද යන්න නොව ඔබ කොපමණ ඉගෙන ගන්නේද යන්නයි).

💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

Answers.
a)  4
b) 5 , 6
c) 4
d) 6, 1
e) 7

වැඩේ හොඳයි නම් දිගටම කරන්නම් ඔබට ජය.

මම - නුවන් සමීර


ඉංග්‍රීසි භාෂාවේ ඇති වටිනාකම.

ඉංග්‍රීසි භාෂාව යනු ලොව වඩාත්ම ප්‍රයෝජනවත් භාෂාව වේ. ඔබ එම භාෂාව ඉගෙන ගැනීමෙන් ඔබට බොහෝ දෑ ජීවිතය තුළ ලබාගත හැකි ය.
එසේ නොමැති නම් ඔබට ලිදේ සිටිනා ගෙම්බා සේ ලෝකය දැකීමට නොහැකි වනු ඇත

ඇයි මේක කරන්නේ?

ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබ බොහෝ ආස උනාට සමහරු ඒ සම්බන්ධයෙන් ගොඩක් බයයි. මොකද කියලා නම්  සම්බන්ධව නිවැරදි ව්‍යාකරණ දැනුමක් හෝ භාවිතාවක්  ඔබට නැති නිසා විය හැකිය.  ඉතින් ඒ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. මම ඔයාලට මගේ දැනුම බෙදා දෙන්නේ හේතු දෙකක් මත.

 ඒකෙන් පළවෙනි හේතුව තමයි ඔබට සේවයක් ඉෂ්ඨ කරන්න.

 අනෙක් හේතුව තමයි මට මගේ දැනුම තව තවත් වැඩි දියුණු කර ගන්න.

 මේ ලිපි කියවලා ඔයාට යම් දැනුමක් ලැබෙනවා නම් මට ඒක ලොකු සතුටක්. ඒ වගේම ඒකෙන් ඔබේ දැනුම වගේම මගේ දැනුමත් වැඩි වෙනවා.

අපි හැමෝම ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් නිසා ඔබත් මගේ දැනුම වෙනුවෙන් බදු ගෙවපු ජනතාවගෙන් කෙනෙක්. ඒනිසා මම එකතු කරපු යම් දැනුමක් තියෙනවා නං ඒ දැනුම ඔබටත් අයිතියි. ඒක බෙදා දීම මගේ යුතුකමක්.
 ඒ යුතුකමට උර දෙන්නයි මේ සූදානම.

 ඔබට මාව සම්බන්ධ කරගන්න මේ තියෙන ඊමේල් ලිපිනයෙන් පුළුවන් හෙට ඉඳන් මේ සම්බන්ධව ලිපි මුල සිට පලකරන්නම්.

- නුවන් සමීර-

My first post.

Dear all,
As an English Instructor  I wish to share my knowledge with others. this blog is for the above purpose. you can learn English from this blog.
Good Luck.

Nuwan Sameera.
2019/08/30